සටහන – රුවන් නෙළුගොල්ල
සමගි ජන බලවේගය දිස්ත්‍රික් මට්ටමෙන් පවත්වාගෙන යන “විජයග්‍රාහී ජන පවුර” නම් ජන රැලි මාලාවේ ගාල්ල දිස්ත්‍රික් රැලිය ඊයේ (11) පැවැත්විණි.
ඒ අනුව ඊයේ පස්වරු 02.00 ට ඇල්පිටිය නගරයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැලිය ආරම්භ විය.
“සජිත් ජනපති කරන ජන බලය ගොඩනඟන විජයග්‍රාහී ජන පවුර” මැයෙන් යුතුව එම රැලිය සංවිධානය කර තිබිණි.
ඊට දැවැන්ත ජනකායක් සහභාගී වී සිටිනු දක්නට ලැබිණි.