අපේ අනාගතය ශක්තිමත් කළ හැකි එකම නායකයා රනිල්. එතුමා නැවත ජනාධිපති වීම ගැන කිසිම සැකයක් නෑ – කංචන

සටහන – රුවන් නෙළුගොල්ල

රට ඉදිරියට ගෙනයාමට හැකි යැයි ඔප්පු කළ එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

“මොන මතයේ හිටියත් දේශපාලන වශයෙන් අපි බෙදිලා වෙන්වෙලා හිටියත් අපි කල්පනා කළේ පොදුජන පෙරමුණ නියෝජනය කරන අපි, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය ඇතුළු පක්ෂ ගණනාවක්ම මේ තීන්දු කළේ වෙන මොනවත් නෙවෙයි, අපට අත්හදා බලන්න පුළුවන් අවස්ථාවක් නෙවෙයි රටේ තියෙන්නෙ. පොරොන්දුවලට දේශපාලනය කරන අවස්ථාවක් නෙවෙයි අපේ රටේ තියෙන්නෙ. පහුගිය අවුරුදු දෙකේ මේ රටේ ජනතාවට කවුරුහරි නායකයෙක් ඔප්පු කරලා තියෙනවා නම් රට ගෙනියන්න පුළුවන්, රට ඉදිරියට ගෙනියන්න පුළුවන්, ඒ තියෙන අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන්, අපේ අනාගතය ශක්තිමත් කරන්න පුළුවන් කියලා ඒ වෙන කවුරුවත් නෙවෙයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන එක හින්දා තමයි අපි සියලු දෙනා එකතුවෙලා ඉන්නෙ. සැප්තැම්බර් 21 වෙනිදා ඡන්දය තියලා 21 රෑ පළවෙනි ඡන්ද ප්‍රතිඵලය කියනකොටත් 22 සමස්ත ප්‍රතිඵලය කියනකොටත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා බවට පත්වෙන එක ගැන කිසිම සැකයක් තියාගන්න එපා”

කංචන විජේසේකර මහතා මේ බව පැවසුවේ මාතර වෙරළ පාරේ මැතිවරණ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (11) එක්වෙමිනි.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා, දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර පළාතට අධික වර්ෂාවක් : කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව ආසන්නයේ...

OHCHR ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා...

දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කොළඹ LNW:දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු...

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...