සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ධාරානිපාත වර්ෂාව හේතුවෙන් උගන්ඩාවේ අගනුවර වන කම්පාලා හි එකම කසල රඳවන ස්ථානය වන Kiteeziහි කසළ කන්දක් නාය යාමෙන් අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
නිවැසියන් නිදා සිටියදී කසල කන්ද කඩා වැටි ඇති අතර තවත් පුද්ගලයන් සිරවී සිටිනු ඇතැයි විශ්වාස කෙරේ.
Kiteezi දශක ගණනාවක් තිස්සේ කම්පාලාගේ එකම කුණු කන්දක් ලෙස පැවත ඇති අතර අන්තරායකර අපද්‍රව්‍ය හේතුවෙන් පරිසරය දූෂණය වෙමින් පවතින බවට අවස්ථා ගණනාවකදී ප්‍රදේශවාසීන් පැමිණිලි කර ඇත.
කෙසේ නමුත්, දුර්වල කළමනාකරණයකින් යුත් කසළ කඳු හේතුවෙන් උප සහරා අප්‍රිකාව අවට මෙවැනි සිදුවීම් සුලබය.