රට විශාල අගාධයක තියෙන්නේ. සැප්තැම්බර් 21න් පසුව මම මේක විසඳන්න පටන් ගන්නවා – අනුර

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ රැස්වීම්වලට සහභාගී වීම ඉදිරි තම රජයක් යටතේ රැකියා ලබාගැනීමට සුදුසුකමක් නොවන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“මේ රට හදන්න නම් වංචාව දූෂණය නාස්තිය නතර කළ යුතුයි. අපි දේශීය හෝ විදේශීය ආයෝජකයාට කියන්නෙ එක කතාවයි, ඔබගෙන් අපට ඇල්වතුර වීදුරුවක්වත් එපා, ඔබ ගේන ව්‍යාපෘතිය රටට හොඳද නරකද කියලා විතරයි අපි මනින්නෙ. අපි මේ රටේ නීතියේ විධානය ආධිපත්‍ය ගොඩනඟනවා ආර්ථිකය ගොඩනඟන වැදගත් දේ ඒක. අපේ රාජ්‍ය සේවය කාර්යක්ෂම රාජ්‍ය සේවයක් බවට පරිවර්තනය වෙන්න ඕනෙ. අපි එකක් දෙන්නම්, දේශපාලන පත්වීම් මත උසස් කිරීම්, මාරු කිරීම් හෝ බඳවා ගැනීම් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් කරන්නෙ නෑ. අපි අභියෝග කරනවා ඕනෑම නායකයෙකුට, පුළුවන් නම් මේක කියන්න. මෙම රැස්වීමට සහභාගී වීම රජයේ රැකියාවක් ලබාගැනීමට සුදුසුකමක් නොවේ කියලා කියන්න කියන්න. පොල් මල පොළවේ ගැහුවා වගේ තියෙයි, ඔක්කොම විසිරෙනවා. මේ දේශපාලකයා සඳළුතලෙන් බිමට බස්සන්න ඕනෙ. එයා ඉන්නෙ මහජනයාට වඩා උඩින්. රට විශාල අගාධයක තියෙන්නෙ. හැබැයි මම කියන්නෙ නෑ සැප්තැම්බර් මාසෙ 21 වෙනිදා මේ සියල්ල විසඳනවා කියලා. හැබැයි සැප්තැම්බර් 21 වෙනිදායින් පසුව මේක විසඳන්න පටන් ගන්නවා”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (11) මහරගමදී පැවති ජාජබ ව්‍යාපාරික සමුළුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපට චීනයට විකිණිය හැක්කේ මොනවාද ?

පසුගිය 2024 වසර තුළ ලංකාව චීනයෙන් ඩොලර් මිලියන 4,365.7ක...

ලොහාන්ගේ අවසන් කටයුතු ඉරිදා මහනුවරදී

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු අගෝස්තු...

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...