මැතිවරණ කොමිසමට තවත් ලිපියක් !

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ (LNW):

ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත දිනයේදී, සෞඛ්‍ය සේවාවන් බිඳ වැටීම වළක්වා ගැනීම සම්බන්ධයෙන් ,මැතිවරණ කොමිෂන් සභාව වෙත ,සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති වන රවී කුමුදේශ් මහතා විසින් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බව සඳහන් වේ. අදාල ලිපිය පහතින් දක්වා ඇත .

සභාපති
මැතිවරණ කොමිෂන් සභාව,
මැතිවරණ කාර්යාලය
රාජගිරිය

ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත දිනයේදී, සෞඛ්‍ය සේවාවන් බිඳ වැටීම වළක්වා ගැනීම.

ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා තැපැල් ඡන්ද හිමිකම ලබාදී ඇත්තේ, මැතිවරණ රාජකාරිවල යොදවන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා පමණක් වීම හේතුවෙන්, අනෙකුත් සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල තම ඡන්ද බල ප්‍රදේශයට ගොස් චන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය වී ඇත. ඒ අනුව එදිනට අදාළ රාජකාරි නිවාඩු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත ලබාදිය යුතු වුවත්, අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් සපයා ගැනීමට බාධාවක් ඇතිවන පරිදි නිවාඩු ලබා නොදී සිටීමට ආයතන ප්‍රධානීන් කටයුතු කිරීමේ අවධානමක් ඇත. මේ හේතුවෙන් මහජනතාවගේ සෞඛ්‍ය අයිතිය සහ සෞඛ්‍ය කාර්ය ඡන්ද අයිතිය අතර පරස්පරයක් නිර්මාණය වන බැවින් ඒ පිළිබඳව ඔබගේ පූර්ව අවධානය යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලමු.

සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා තැපැල් සල්ලි හිමිකම ලබාදීමේ බාධාවක් පවතින්නේ නම්, අවම තරමින් තමන්ගේ රාජකාරී ස්ථානයකට ආසන්නව ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් හෝ වෙනත් විකල්ප ක්‍රමවේදයක් සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා ලබා දෙන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තුතියි
මෙයට – විශ්වාසී

රවි කුමුදේශ්
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

පිටපත්

  1. ලේකම් – සෞඛ්‍ය අමාත්‍යාංශය
  2. ලේකම් – රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තත්පර 40න් නිෂ්කාශනය ඉවරයි – ශ්‍රී ලංකාවේ පළමු E – Gate පද්ධතිය කටුනායක විවෘත වෙයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ස්ථාපිත කළ ස්වයංක්‍රීය...

අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 29) දිනයේදී දිවයිනේ බොහෝ...

ගල් අඟුරු බාල වුණාට රටට පාඩුවක් නෑ – රජයේ ගල් අඟුරු සමාගමේ ප්‍රධානීන් කියයි

මෙවර ගල් අඟුරු ටෙන්ඩරය ලබාගත් සමාගම මෙරටට සැපයූ පළමු...

ජාතික කාන්තා කොමිසමේ පළමු සභාපතිනියත් ඉල්ලා අස්වෙයි !

ජාතික කාන්තා කොමිසමේ සභාපතිනිය වූ නීතීඥ රමණී ජයසුන්දර මහත්මිය...