පෙන්ටගනය ඉරානයේ ආරක්ෂාව වෙනුවෙන් නව සබ්මැරීනයක් මැදපෙරදිගට යවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය ජුලි 31 වන දින ඊශ්‍රයලය විසින් ටෙහෙරානයේ දී හමාස් හි ඉහළම දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඝාතනය හා හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ කමාන්ඩර් ෆුඩ් ෂුක්ර් ඝාතනය කිරීමට ප්‍රතිචාර වශයෙන් ඉරානය මෙන්ම හිස්බුල්ලා සංවිධානය ඕනෑම මොහොතක ඊශ්‍රයලයට ප්‍රහාර එල්ල කළ හැකි හෙයින් ඊශ්‍රයලයේ ආරක්ෂාව වෙනුවෙන් එක්සත් ජනපදය නව මාර්ගෝපදේශක මිසයිල සබ්මැරීනයක් මැදපෙරදිගට යවා ඇති බව වාර්තා වේ.

එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් කියා තිබුණේ, නව මාර්ගෝපදේශක මිසයිල සබ්මැරීනය හා F-35C ප්‍රහාරක ජෙට් යානා රැගත් USS ඒබ්‍රහම් ලින්කන් වාහක ප්‍රහාරක කණ්ඩායම මැදපෙරදිගට යවා ඇති බවත්, එක්සත් ජනපදය සිය මිතුරා ආරක්ෂා කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවත්ය.

වත්මන් ආරක්ෂක තත්වය සලකා මගී ගුවන් සමාගම් කිහිපයක් කලාපයේ ගුවන් තොටුපළවල් වන ඊශ්‍රායලයේ ටෙල් අවිව්, ලෙබනනයේ අගනුවර වන බීරූට්, ජෝර්දානයේ අගනුවර වන අම්මාන්, ඉරාකයේ එර්බිල් සහ ඉරාන අගනුවර වන ටෙහෙරානය වෙත ගුවන් ගමන් නවතා ඇති අතර එක්සත් ජනපදය, ප්‍රංශය,කැනඩාව, ඉන්දියාව ආදී රටවල් සිය පුරවැසියන්ට බිරුට්, ටෙහෙරාන් වලින් ඉවත්වන ලෙස ද අනතුරු අඟවා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට ඕනේ රජය ප්‍රබල ආයෝජකයෙක් ලෙස ස්ථාවර කරන්න – ලාල්කාන්ත

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජය ප්‍රබල ආයෝජකයෙක් ස්ථාවර කිරීමේ අවශ්‍යතාව...

පලස්තීන මාධ්‍යවේදී Bisan Owdaට ටික්ටොක් තහනමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ...

වසර අටකට පසු බ්‍රිතාන්‍යයේ අගමැති චීනයට!

කොළඹ LNW:බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer මහතා ඊයේ (28) බෙයිජිං...

රැයදිත් බැලිය හැකි තරමට රැස්දහර එස්එස්සී යේ රුව කොහොමද හැඩකාර

නිශ්මං රණසිංහ ජනවාරි 29, කොළඹ LNW: වට පිට පිරුණු කෙළිබිම්වල...