රථ වාහන ක්ෂේත්‍රයේ පෙරළියක්

Date:

සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා වාහනයක් ගන්නට සිහින දකින්නෝද සමාජයේ සුලභය. සැකවින් පවසතොත් වර්තමාන සමාජයේ මිනිසුන් දකිනා පොදු සිහින අතරට වාහනයක් හිමිකර ගැනීමද එකකි. කලක සිට මැතිවරණ පොරොන්දු අතරටද වාහන හීන සැබෑකර ගැනීම් උදෙසා ලබාදුන් පොරොන්දු ඇතුළත්වීම වාහන සහ මිනිසුන් අතර ගොඩනැගෙමින් පවතින බැඳීම්වලට ඇති සමාජ ඉල්ලුම කියාපාන්නකි.

අතීතයේ මෙන් නොව ශ්‍රී ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වාදුන් 70 දශකයේ අග භාගයේ සිට වාහන උදෙසා වෙනමම වෙළඳපොලක් පමණක් නොව සංස්කෘතියක්ද බිහිවිය. වාහන අලෙවිකරන්නන්, ආනයනයකරන්නන්, අමතර කොටස් සහ සේවා සපයන්නන්, පින්තාරුකරුවන්, නඩත්තු ශිල්පීන් මෙන්ම ගැනුම්කරුවන් වැනි දැවැන්ත පරාසයක පිරිස් එකී වාහන සංස්කෘතියේ හවුල්කාරයෝ වෙති . එහෙත් වාහන ක්ෂේත්‍රයේ නැතිනම් Automobile කර්මාන්තයේ නියැලෙන සහ එහි ආශ්‍රිත සේවාවන් සපයන්නන් පිළිබඳ ප්‍රමාණවත් ඇගයීමක් මෙතෙක් නොවූ තරම්ය. එහෙත් ඒ නිහඬ බව අතීතයට එක් කරමින් Automobile ක්ෂේත්‍රයේ නියැලෙන්නන් අගය කිරීමේ මුල්ම ජාතික වැඩසටහන මේවන විට සූදානම්ව ඇතිබව ‍සතුටින් ප්‍රකාශ කරන්නෙමු. ඔබත් Automobile කුලකයේ කුමන හෝ පාර්ශවයක් නියෝජනය කරන්නේ නම් මේ ආන්දෝලනාත්මක හෙළිකිරීම ඔබට වැදගත් වනු ඇත .


2025 වසර උදාවනුයේ බොහෝ දෙනෙකුගේ වාහන සිහිනය නැතහොත් යකඩ සිහිනය සැබෑ කරමින් දිගු කලක් පනවා තිබූ වාහන ආනයන තහනම ඉවත් කිරීමෙනි. එහෙයින් වාහනයක් හිමිකර ගැනීමට කලක් සිහින දුටු සැමට 2025 වර්ෂය යනු අමතක නොවෙන වර්ෂයකි . එහෙත් 2025 සඵල වූ වාහන සිහිනය අලෙවිකරුවන් සහ මිලදි ගන්නන්ට පමණක් සීමාවූවක් නොවේ . සියලු දෙනාගේම යකඩ හීනයක් වූ රථ වාහන, අප වෙත ළගා වීමට පෙර, ඒවා එකලස් කරන්නන්, අමතර කොටස් නිෂ්පාදකයන්, වාහන ආනයනකරුවන් සහ ඔවුන්ගේ සේවකයන් අපට අමතක කළ නොහැක. මන්ද ඔවුන් නැතුව අපට අපේ”යකඩ සිහිනය” සැබෑකරගත නොහැක.


එමෙන්ම, වාහන සිහිනය යනු සිහිනයක් නොව සැබෑ කරගත හැකි ඉලක්කයක් බව අපට ප්‍රත්‍යක්ෂ කරමින් ඒවායේ තොරතුරු අප වෙත සමීප කරන මාධ්‍ය හා සමාජ මාධ්‍යකරුවන්ගේ මෙන්ම ආයතනවල වෙහෙස මහන්සිය ද අපගේ එම හීන සැබෑ කරගැනීමේ උත්සහයේ හවුල් කරුවෝය .

එපමණක් නොව අපගේ එම හීන අප වෙත ළංකර ගැනීමට මූල්‍යමය ක්ෂේත්‍රයේ මූල්‍යමය බැංකු යන ආයතනද, එම හීනවල අවදානම අපෙන් පැහැර ගන්නා රක්ෂණ ආයතනද එහි නිලධාරීන්ද අප විසින් අගය කළ යුතු පාර්ශවකරුවෝය.

තවද සැබෑ කරගත් එම හීනවල යැපෙමින් ජීවිතය ගත කිරීමට, එම වාහන නඩත්තු කිරීමෙන් අපට බොහෝ සෙයින් උදව් කරන වාහන නඩත්තු ක්ෂේත්‍රයේ නියැලී සිටින සර්විස්, නඩත්තු සේවා ආයතන, ආපදා ආයතන සහ සේවය කරන කාර්මික ශිල්පීන් පිළිබඳ මතකයන්ද අත්හළ නොහැක්කේය .
මෙසේ අප වෙත යකඩ හීන රැගෙන එන අයත්, එම හීන සැබෑ කර දෙන අයත්, සිහින මත්තෙන් අපේ ජීවිතේ ඉදිරියට ගෙනයන්නට උදව් කරන අයත් මේ සුවිශේෂ මොහොතේ ඇගයුමට ලක්විය යුත්තෝ වෙති .

ඒ අනුව රාජ්‍ය ආයතන වල අනුග්‍රහය ඇතිව ලොව පිළිගත් සන්නාම වලින් ද සන්නද්ධව 2025 වසරේදී, දැයේ ”යකඩ සිහින” සෑබෑ කිරීමේ වගකිවයුත්තන් සහ වගවියයුත්තන් ඇගයීමට අප සූදනම් ය.


ඒ සුවිශේෂී අවස්ථාව “Automobile Industry Awards 2025″ උත්කර්ෂවත් සම්මාන රාත්‍රීය ලෙසින් ,මෙම වසරේ අග භාගයේදී ඔබවෙත ගෙන ඒමට සියල්ල සූදානම්. ”යකඩ හීන” වලට පනපොවන ඔබ රතු පලස මතින් අරලියගහ මන්දිරයට කැඳවා ජාතික වශයෙන් ඇගයීමට සියළු කටයුතු මේ වන විටත් සූදානම් වෙමින් පවති.

ඔබත් යකඩ හීන වලට වගකිවයුතු හෝ වගවියයුතු පුද්ගලයෙක්ද, නැතහොත් ආයතනයක්ද? ඔබත් Automobile ක්ෂේත්‍රයෙහි සන්නාමයක් වන්න. පහත අංකයට දැන්ම අමතන්න 0777205439 . නොඑසේනම්, පහත සබැඳිය මගින් නාමයෝජනා යොමු කරන්න. https://forms.gle/rqaGTbD8eAyLSQBj9

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් වන Anas al-Sharif සහ Mohammed Qreiqeh යනු කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරිදා එනම් ඊයේ...

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රා.ස. මන්ත්‍රී වෙඩි වැදී ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ LNW: වෙඩි වැදීමකින් බරපතළ තුවාල...

වර්ථමාන මීටර් 400 සහ සුගත්ගේ මිටර් 400

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තයේ ක්‍රියාත්මක වූ...

Tasty Tuesdays: කට්ට සම්බෝලෙත් එක්ක කටට රහට කන්න පුලුවන් කිරිබතෙහි වත-ගොත!

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...