වසරේ දෙවෙනියට විශාලතම උල්කාපාත වර්ෂාව අද මධ්‍යම රාත්‍රියේ!

කොළඹ LNW:මෙම අවසරේ දැකගත හැකි ප්‍රධානම උල්කාපාත වර්ෂාවක් අද (12) රාත්‍රියේදී සහ හෙට (13) අලුයම් කාලයේදී දැකගත හැකි වන බව අභාවකාශ විද්‍යාඥ, ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පැවසීය.

වාර්ෂිකව දැකගත හැකි දෙවෙනියට විශාලතම උල්කාපාත වර්ෂාව බවයි වීරසේකර මහතා සඳහන් කළේ.

පර්සියස් තාරුකා රාශිය ආශ්රිත්ව් එම උල්කාපාත වර්ෂාව දැකගත හැකි හෙයින් මෙය පර්සික්ස් ලෙස හදුන්වන බවයි වීරසේකර මහතා පැවසුවේ.

මෙහි තවත් විශේෂත්වයක් ලෙස ඔහු දක්වන්නේ පැයකට 100ක පමණ උල්කාපාත වර්ෂාවක් දැක ගත හැකි වීමයි.

මධ්‍යම රතියේ ක්ෂිතිජයෙන් මතුවන පර්සියස් තාරුකා රාශිය අළුයම් කාලය දක්වා ඉහළට ගමන් කරන හෙයින් මෙම උල්කාපාත වර්ෂාව දැකගත හැකි හොඳම වෙලාව ඉර නැගීමට පෙර උදෑසන 05.00 පමණ බවද වීරසේකර මහතා කියසිටියේය.

උතුරු දිශාවෙන් එය දිස්වෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...