Tasty Tuesdays: කට්ට සම්බෝලෙත් එක්ක කටට රහට කන්න පුලුවන් කිරිබතෙහි වත-ගොත!

Date:

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන, රෙසිපීස් හැඳෙන හැටි, රෙස්ටුරන්ට් රිවීව්ස්, වයිරල් යන ඩිෂස්, මෙන්ම සංස්කෘතික ආහාර රටාවන් පිළිබඳ මනා අවබෝධයක් ලබා ගත හැකි වනු ඇත. රැඳී සිටින්න අප සමඟ!

සටහන – පුලී

අගෝස්තු 12, කොළඹ (LNW): කිරිබත්? ඔව් කිරිබත් තමයි! ඊසි දෙයක් නේ ගෑවට අදකාලේ එන අමුතු අමුතු කෑම වලින් අපේ ශ්‍රී ලංකාවේ අනන්‍යතාව පළුදු වෙමින් පවතී. එවන් කාලයක මෑතක දී ඕස්ට්‍රේලියාවේ දී පැවති Master Chef තරඟාවලියකට ගිය අපේ රටේ Savi ගැනත් නන් දෙසින් කතාවට පාත්‍ර වුණෙත් මේ “කිරිබත” නිසාමයි. ඉඳින් අද “Tasty Tuesdays” වෙන් වන්නේ අන්න ඒ වෙනුවෙනි.

කිරිබත් (සිංහල: කිරිබත්) යනු සහල් වලින් සාදන ලද සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ආහාරයකි. එය යහමින් යෙදූ පොල් කිරි සමඟ බත් පිසීමෙන් සකස් කර ඇති බැවින් මෙම නම ලැබී ඇති බව සඳහන්. කිරිබත් යනු ශ්‍රී ලාංකික ආහාරවල අත්‍යවශ්‍ය ආහාරයකි. මන්දයත් ඕනෑම ශ්‍රී ලාංකිකයෙන්ගේ ජීවිත කාලය පුරාවටම ඕනෑම සුබ මොහොතක් සඳහා කිරිබත් අනුභව කිරීම හෙල සිරිතක් බවට පත්ව ඇති හෙයිනි.

කිරිබතේ ඉතිහාසය ඕං චුට්ටක්!

කිරිබත් වල මූලාරම්භය හරියටම පැහැදිලි නොමැති නමුත් මෙම ආහාරය ශ්‍රී ලංකාවට අනන්‍ය බව නොරහසකි.

බුද්ධත්වයට පත්වීමට පෙර, අප මහා ගෞතම බුදුන් වහන්සේ බෝධි වෘක්ෂය පාමුල භාවනා යෝගීව සිටියදී, සුජාතා දියණිය විසින් කිරිබත් හෙවත් කිරිපිඩු පූජා කළ බව කියනු ලැබේ.

• පුරාණ මූලයන්: පොල් වසර 2,000 කට වැඩි කාලයක් ශ්‍රී ලාංකික ආහාරවල ප්‍රධාන අමුද්‍රව්‍යයක් වී ඇති අතර, කිරිබත් බෞද්ධ සම්ප්‍රදායන් හා සම්බන්ධ මහාවංශය වැනි වංශකථාවල අහන්න ලැබුණු දේශීය අහරකි.

• සංස්කෘතික වැදගත්කම: සාම්ප්‍රදායිකව, එය සමෘද්ධිය සහ ආශිර්වාදය සංකේතවත් කරමින් සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ අනුභව කරන පළමු ආහාරය වේ.

• චාරිත්‍රානුකූල භාවිතය: ග්‍රාමීය ප්‍රදේශවල, මෙම “කිරිබත්” පන්සල්වල පූජා කරනු ලබන අතර, විශේෂ අවස්ථාවන්හිදී අමුත්තන්ට නැතහොත් නව රැකියාවකදී හෝ නව නිවසකට ගොඩ වදින පළමු දිනයේ දී ද අනුභව කරනු ලැබේ.

🍚 සාම්ප්‍රදායික කිරිබත් වට්ටෝරුව!

අවශ්‍ය අමුද්‍රව්‍ය: 

• සුදු සහල් කෝප්ප 2 (“කැකුළු” සහල්)

• වතුර කෝප්ප 4

• ඝන පොල් කිරි කෝප්ප 2 (නැවුම් හෝ ටින් කළ)

• ලුණු තේ හැඳි 1–1.5

👩‍🍳 කිරිබත පිස ගන්නා ආකාරය!

1. හොඳින් වැලි ගල් ඉවත් වනතුරු සහල් සෝදා ගන්න.

2. බඳුනක් ගෙන බත් මෘදු වන තෙක් (මිනිත්තු 20–25 පමණ) තම්බා ගන්න.

3. පසුව පොල් කිරි සහ ලුණු එකතු කර, මෘදු ලෙස කලවම් කර, මිශ්‍රණය ඝන වන තෙක් අඩු තාපයක් මත හැදිගාන්න.

4. තැටියකට මාරු කරන්න, spatula එකකින් මුදුන සුමට කරන්න.

5. තරමක් සිසිල් වූ පසු ඔබට අවශ්‍ය හැඩයට කපා ගන්න.

6. ගලේ අබරාගත් කට්ට සම්බෝලයක්/ පිසූ මාළු කැබැල්ලක් සමඟ පිළිගන්වන්න. 

කටේ රස අනුව වෙනස්කම්; 

• පැණිරස කිරිබත් සඳහා, හකුරු සහ එනසාල් එකතු කරන්න.

• ගැමි රසයක් සඳහා රතු සහල් භාවිතා කරන්න.

• සාම්ප්‍රදායික ඉදිරිපත් කිරීම සඳහා කෙසෙල් කොළයක කිරිබත් පිළිගන්වන්න.

Images : Social Media

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත්කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නව...

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් වන Anas al-Sharif සහ Mohammed Qreiqeh යනු කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරිදා එනම් ඊයේ...

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රා.ස. මන්ත්‍රී වෙඩි වැදී ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ LNW: වෙඩි වැදීමකින් බරපතළ තුවාල...

වර්ථමාන මීටර් 400 සහ සුගත්ගේ මිටර් 400

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තයේ ක්‍රියාත්මක වූ...