හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රා.ස. මන්ත්‍රී වෙඩි වැදී ජීවිතක්ෂයට!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ LNW:

වෙඩි වැදීමකින් බරපතළ තුවාල ලැබූ හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රා.ස. මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව මහතා ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (12) දහවල් මීගොඩ, ආටිගල මාවතේ දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී ඒ මහතා වෙඩි ප්‍රහාරයට ලක්ව තිබිණ.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව මහතාට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, බරපතළ තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර සිටිය දී ඒ මහතා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

ඔහු 46 හැවිරිදි වටරැක, පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන් වේ. වෙඩිතැබීමට හේතුව හා යොදාගත් ගිනිඅවිය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ශාන්ත මුදුන්කොටුව මහතා ඉඩම් ආරවුල් සම්බන්ධයෙන් පොලීසියට මීට පෙර පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කර සිට ඇතැයි ද අනාවරණය වී ඇත.

වැඩිදුර විමර්ශන මීගොඩ පොලීසිය සිදුකරන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...