හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රා.ස. මන්ත්‍රී වෙඩි වැදී ජීවිතක්ෂයට!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ LNW:

වෙඩි වැදීමකින් බරපතළ තුවාල ලැබූ හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රා.ස. මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව මහතා ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (12) දහවල් මීගොඩ, ආටිගල මාවතේ දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී ඒ මහතා වෙඩි ප්‍රහාරයට ලක්ව තිබිණ.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව මහතාට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, බරපතළ තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර සිටිය දී ඒ මහතා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

ඔහු 46 හැවිරිදි වටරැක, පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන් වේ. වෙඩිතැබීමට හේතුව හා යොදාගත් ගිනිඅවිය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ශාන්ත මුදුන්කොටුව මහතා ඉඩම් ආරවුල් සම්බන්ධයෙන් පොලීසියට මීට පෙර පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කර සිට ඇතැයි ද අනාවරණය වී ඇත.

වැඩිදුර විමර්ශන මීගොඩ පොලීසිය සිදුකරන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 වර්ෂය අදාළව රජයේ නිවාඩු 26ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW : 2026 වර්ෂය අදාළව...

නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : නගරාධිපති රන්ජන් පොලීසියට නොඑයි, අසනීපයි කියා රෝහල්ගත වෙයි

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් විසින් නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ...

HI සුසන්ත

නිශ්මං රණසිංහ දෙසැම්බර් 28, කොළඹ LNW: දුරකථනය නාද වුව ද...

ඉබි ගමනින් වැඩ කරන රජයට විපක්ෂ නායක සජිත්ගෙන් කඩිනම් යෝජනා රැසක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල සුනාමි ව්‍යවසනය සිදුවී වසර 21ක් සපිරෙන...