පින්නවල අලි අනාථාගාරයේදී ජාත්‍යන්තර අලි දිනය සැමරේ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අගෝස්තු 12 වන දිනට යෙදී ඇති ජාත්‍යන්තර අලි දිනය සැමරීම වෙනුවෙන් විශේෂ වැඩසටහන් මාලාවක් අද (12) පෙරවරුවේදී පින්නවල අලි අනාථගාරයේදී පැවැත්විණි.

ඒ අනුව ධාන්‍ය වර්ගවලින් ප්‍රණීත කිරිබතක් අලි ඇතුන් වෙනුවෙන් සැකසූ අතර පලතුරු වලින් ද අලි ඇතුන්ට සංග්‍රහ කෙරුණු අතර අලි ඇතුන් නැරඹීමට පැමිණි විදේශීය සංචාරකයින්ට ද අලි ඇතුන් වෙනුවෙන් එම සංග්‍රහය පිරිනැමීමට අවස්ථාව සලසා දීම ද මෙහිදි සිදුවු විශේෂ සිදුවීමකි.

ඉන් අනතුරුව පැමිණ සිටි ශිෂ්‍ය කණ්ඩායම් විසින් පින්නවල අලි අනාතාගාරය පිරිසිදු කළ අතර අලි ඇතුන් නෑවීමේ කටයුතුවලට ද ඔවුහු දායක වූහ.

මේ වන විට අලි ඇතුන් 66 කට රැකවරණය සපයන පින්නවල අලි අනාථාගාරය ජාතික හා ප්‍රාදේශීය ආර්ථිකයට මහඟු දායකත්වයක් සපයමින් දෙස් විදෙස් සංචාරකයන් අතර ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට පත්ව ඇත.

ශ්‍රී ලංකාවේ ස්වභාවික වාසස්ථානවල දිවි ගෙවන්නා වූ අලි ඇතුන් අනාගතයේ යම් දිනක වඳ වී යාමේ ගැටලුවට ලක් වුවහොත් එම සත්ව විශේෂයේ පැවැත්ම ආරක්ෂා කර ගැනීමට හා ජාන විවිධත්වයට බලපෑමක් ඇති නොවන පරිදි සංරක්ෂිත ගහනයක් වශයෙන් ශ්‍රී ලාංකික අලි ඇතුන් තිරසර ලෙස සංරක්ෂණය සිදු කිරීම ද පින්නවල අලි අනාථාගාරය මඟින් සිදුකෙරෙන බවයි කෑගල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චේරන්ගේ තෝරාගත් කවි ”ළසෝ දියවෙන භූමිය” ලෙසින් සිංහලට! (PHOTOS)

කොළඹ LNW:''ළසෝ දියවෙන භූමිය'' පරිවර්තිත කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම අද...

ශ්‍රී ලංකාව එක්දින පිටියේ ඉදිරි පිම්මක් සමඟ සිම්බාබ්වේට

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම...

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීගේ ඝාතනයට අදාළ සැකකරුවකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 12 කොළඹ LNW : හෝමාගම ප්‍රාදේශීය සභාවේ...

ඩෙංගු උණ සීග්‍රයෙන් ව්‍යාප්තවීම හේතුවෙන් රටවල් කිහිපයක ජාතික හදිසි අවස්තාවක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පැසිෆික් දූපත් පුරා...