ඩෙංගු උණ සීග්‍රයෙන් ව්‍යාප්තවීම හේතුවෙන් රටවල් කිහිපයක ජාතික හදිසි අවස්තාවක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පැසිෆික් දූපත් පුරා ඩෙංගු උණ රෝගීන්ගේ තියුණු වැඩිවීමක් හේතුවෙන් රටාවල් කිහිපයක ආසාදන දශකයකින් ඉහළම මට්ටමට පැමිණ ඇති අතර රටවල් කිහිපයක් හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කර ඇත.

සැමෝවා, ෆීජි සහ ටොංගා වඩාත් බලපෑමට ලක් වූ රටවල්වන අතර ආසාදන ඉහළම මට්ටමක පවතින බව WHO නිවේදනය කර තිබේ.

පවතින තත්වය සම්බන්ධයෙන් පැසිෆික් ප්‍රජාවේ (SPC) නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය පෝලා විවිලි සඳහන් කර තිබුණේ,
කෙසේ වෙතත්, දේශගුණික විපර්යාස හේතුවෙන්, සම්ප්‍රේෂණ කාලයන් දිගු වෙමින් පවතින අතර, සමහර ප්‍රදේශ වසර පුරා ඩෙංගු අවදානමක් අත්විඳිමින් සිටින බවයි.

දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC) ට අනුව, පැසිෆික් දූපත් රටවල් ගෝලීය හරිතාගාර වායු විමෝචනයෙන් 0.03% ක් පමණක් නිපදවනමුත් වාහක මගින් බෝවන රෝග ඇතුළු දරුණුතම දේශගුණික සෞඛ්‍ය තර්ජන කිහිපයකට මුහුණ දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...