ශ්‍රී ලංකාව එක්දින පිටියේ ඉදිරි පිම්මක් සමඟ සිම්බාබ්වේට

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW:

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම නවතම ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව පියවරක් ඉදරියට පැමිණ සිව්වන තැන රැදී සිටියි.සිව්වන තැන සිටි පකිස්තානයට පස්වන තැන දක්වා පහළ බසින්නට සිඳු වී ඇත.


විවිධ විවේචන මැද වර්ථමානයේ විස්සයි විස්ස කණ්ඩායම හැරෙන්නට එක්දින කණ්ඩායම සහ ටෙස්ට් කණ්ඩායම ප්‍රගතියක් දක්වන බව පෙනෙන්නට ඇත.එය යහපත් තත්ත්වයකි.ක්‍රීඩා කරන්නේ සමහර විට හොඳම එකළොස් දෙනාද යන ගැටළුව සමහර තේරීම් සම්බන්ධයෙන් පැන නඟින අවස්ථා ඇතත්,වත්මන් විරෝධයන් හී උවමනාව ක්‍රිකට් පරිපාලනය ඉලක්ක කර එම පුටුවලට ගොඩවීමේ උවමනාව බව පැහැදිළිය.


මේ පරිසරය ඇතුළේ ක්‍රීඩාව සම්බන්ධයෙන් ගුණාත්මක කතිකාවකදී ක්‍රිකට් රැඳවිය යුත්තේ කොතැනද යන්න පිළිබඳව වන සංවාදයේ හැඩය වෙනස් විය යුතු බව ජාත්‍යන්තර වශයෙන් කරන කිරා මැනීම්වලදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පෙන්වන ප්‍රගතිය පැහැදීළි කරන්නේය.නව ශ්‍රේණිගත කිරීම් සමඟ ශ්‍රී ලංකාවට හමුවීමට නියමිතව ඇත්තේ සිම්බාබ්වේ කණ්ඩායමය.ශ්‍රේණිගත කිරීම් දෙස බැලීමේදී සිම්බාබ්වේ රැදී සිටින්නේ 11 වන තැනය.ඒ අනුව ස්ථානය රැක ගැනීම ගැටළුවක් නොවනු ඇත.නමුත් මේ ව්‍යහුය තුළ ජයග්‍රහණයේදී ශ්‍රී ලංකාවට ලබා ගත හැකි වාසිදායක තත්ත්වයට වඩා සිම්බාබ්වේට ලබා ගත් හැකි වාසිදායක තත්වය වැඩිය.එමෙන්ම පරාජයකදී ශ්‍රී ලංකාවට සිඳුවන අවාසියද වැඩිය.


මේ තත්ත්වය මෙන්ම ආසියානු කුසලාන තරගාවලිය කළමණාකරණය කර ගන්නේ කෙසේද යන්න ද අවධානයට ලක් කළ යුතුව ඇත.සිම්බාබ්වේ සංචාරයේදී නවකයන්ට අවස්ථාව දීම කියන සංකල්පය වෙනුවට විස්සයි විස්ස කණ්ඩායමේ සිඳුවිය යුතු වෙනස්කම් කවරේද යන්න පවතින විස්සයි විස්ස තරගාවලිය තුළින් හඳුනාගෙන අත්හදා බැලීම් වෙනුවට වඩාත් ස්ථාවරව ක්‍රිඩා කරවිය හැකි කණ්ඩායමක් ගැන සිතීම වැදගත්ය.ඒ ආකාරයටම එක්දින කණ්ඩායමේ ව්‍යහුය ද අත්හදා බැලීමේ ස්වරූපයට පමණක් සීමා නොකර ජයග්‍රහණය ස්ථාවරව පවත්වා ගෙන යාමට හැකි ආකාරයට සිඳු කිරීම වැදගත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 වර්ෂය අදාළව රජයේ නිවාඩු 26ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW : 2026 වර්ෂය අදාළව...

නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : නගරාධිපති රන්ජන් පොලීසියට නොඑයි, අසනීපයි කියා රෝහල්ගත වෙයි

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් විසින් නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ...

HI සුසන්ත

නිශ්මං රණසිංහ දෙසැම්බර් 28, කොළඹ LNW: දුරකථනය නාද වුව ද...

ඉබි ගමනින් වැඩ කරන රජයට විපක්ෂ නායක සජිත්ගෙන් කඩිනම් යෝජනා රැසක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල සුනාමි ව්‍යවසනය සිදුවී වසර 21ක් සපිරෙන...