රගර් එක්ක පණ්ඩුක පෑහෙයි!

Date:

සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ සභාපති, ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජික සහ 2010-15 කාල වකවානුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ නීති උපදේශක ලෙස ක්‍රීඩා පරිපාලනයට සම්බන්ධ විවිධ වෘත්තීන්හී නියැලී අත්දැකීම් ඇති පණ්ඩුක කීර්තිනන්ද ශ්‍රී ලංකා රගර් පරිපාලනයේ නීති නිලධාරියා ලෙස පත් කරන්නට එම කවුන්සලය විසින් තීරණය කර තිබේ.

දැනට සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ උපදේශකයෙක් ලෙස කටයුතු කරන පණ්ඩුක ක්‍රීඩා පනතේ 2013 අංක 33 දරන ක්‍රීඩා තහනම් උත්තේජකවලට එරෙහි සම්මුතිය සහ 2019 25 දරන ක්‍රීඩා පනතට අදාළ වැරදි වැලැක්වීමේ පනත වැනි ක්‍රීඩා පනතේ සංශෝධන ඇති කිරීම සඳහා සෘජුවම දායක වූ අයෙකි.

රගර් පරිපාලනය පසුගිය කාල වකවානුවේ නීතිමය වශයෙන් දැඩි අභියෝගවලට ලක් වූ අතර හිටපු අමාත්‍යවරයා ගෙනා අතරු තහනම් නියෝගය අධිකරණය මඟින් තාවකාලිකව ඉවත් කර ගනිමින් පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය වෙනුවෙන් පිරිමි සහ කාන්තා කණ්ඩායම් සහභාගි කරවීම සඳහා විශාල මහන්සියක් දරන්නට සිඳු විය.

තවම අළු යට ගිණි සේ පවතින විරෝධයන්හී මැදිහත්වීම් සඳහා දුර තියා සූදානම් වීම සඳහා ක්‍රීඩා නීතිය සම්බන්ධයෙන් මෙන්ම ක්‍රිඩා නීතියට යම් යම් සංශෝධන එකතු කිරීමේ අවශ්‍යයතාවයද ඇතිව වැඩ කරන වත්මන් පරිපාලනය වෙනුවෙන්, පණ්ඩුකට නීතීය භාවිතා කරමින් නිරපරාදේ රගර් ක්‍රීඩාවේ ඉදිරි ගමන නැවත්වීම සඳහා ගන්න උත්සාහයන්වලට එරෙහිව විශාල කාර්ය භාරයක් ඉටු කරන්නට සිඳුවනු ඇත.

මේ සම්බන්ධයෙන් අප කළ අදහස් විමසීමකදී රගර් පරිපාලනයේ සභාපති රිසිවි ඉල්ලියාස් පවසා සිටියේ ක්‍රීඩා හිතෛශී පුද්ගලයෙක් වශයෙන් ද,සිවිල් නීතිය සහ ක්‍රිඩා නීතිය ගැන පළපුරද්දක් සහ දැනුමක් ඇති පුද්ගලයෙක් වශයෙන්ද පණ්ඩුක කීරිතිනන්ද මේ රටේ රගර් ක්‍රීඩාව සාර්ථක දිශාන්තියතට යොමු කරන්නට හදන උත්සාහයන්ට එරෙහි නැඟෙන බලවේග පාලනය කිරීමට සහ ඉවත් කිරීමට විශාල සහයෝගයක් දෙනු ඇති බවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ පෞද්ගලික ලේකම්ගෙන් CIDය පැය හයක් ප්‍රශ්න කරයි. හිටපු ජනාධිපති ලේකම්ටත් කැඳවීමක්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික...

මාස හයේ සංචාරක ආදායම : ඇමති විජිතට අනුව ඩොලර් බිලියන 3.7 යි. නියෝජ්‍ය ඇමති රුවන්ට අනුව 1.7 යි

පසුගිය මාස හයක කාලය තුළ ශ්‍රී ලංකාවට සංචාරක ඉපයීම්...

Celebrity Buzz: සිඩ්නි ස්වීනි ගේ රිපබ්ලිකන්භාවය ට්‍රම්ප්ගේ හඳ උණු කරවයි; American Eagle දැන්වීමටත් ප්‍රශංසා!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

ඒ්ස් කැපිටල්,බදුරලිය හිරුණිකාගේ දඟ සුළඟට හසුව පරාජයට…

නිශ්මං රණසිංහ අගෝස්තු 04, කොළඹ LNW: හිරුණිකා නිවර්ථනීගේ අති දක්ෂ පන්දු...