ලොස් ඇන්ජලිස් වෙත රික්ටර් මාපක 4.4 ක භූමිකම්පාවක් හා පසු කම්පන රැසක්

0
135

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊයේ (12)දිනයේදී දකුණු කැලිෆෝනියා කලාපයට රිච්ටර් මාපකයේ 4.4 ක භූමිකම්පාවක් හා පසු කම්පන රැසක් වාර්තා වූ බව එරට කාලගුණ විද්‍යා ඒජන්සිය තහවුරු කර තිබේ.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණයට (USGS) අනුව, භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය නැගෙනහිර ලොස් ඇන්ජලීස් හි හයිලන්ඩ් පාර්ක්හි සැතපුම් 7.5 (12.1km) ගැඹුරක සිදු වූ අතර එය ලොස් ඇන්ජලීස් සිට දකුණින් සැන් ඩියාගෝ දක්වා සහ නැගෙනහිරින් පාම් ස්ප්‍රින්ග්ස් කාන්තාර කලාපය දක්වා දැනී ඇත.

කෙසේ නමුත්, ව්‍යුහාත්මක හානි හෝ තුවාල පිළිබඳ මූලික වාර්තා දැනට වාර්තා වී නොමැත.