ප්‍රාග්ධන වෙළෙඳපොළ වෘත්තිකයින් සමඟ සමගි ජන බලවේගය සුවිශේෂී සාකච්ඡාවක (Photos)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

“ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධනය සඳහා අභියෝග සහ අවස්ථා සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ අනාගත ප්‍රතිපත්තිය” යන මැයෙන් යුතුව විශේෂ සාකච්ඡාවක් පසුගිය අගෝස්තු 9 වැනි දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී පැවැත්විණි.

මේ සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ සහ ප්‍රාග්ධන වෙළෙඳපොළට සම්බන්ධ වෘත්තිකයන් මෙන් ම සමගි ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජිකයන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න සහ කබීර් හෂීම් යනාදීන් ද එක්වූ අතර මෙහිදි වර්තමාන ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් දෙපාර්ශවයම අදහස් හුවමාරු කරගන්නා ලදි.

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක් ප්‍රාග්ධන වෙළෙඳපොළ වෘත්තිකයන් සමග මෙවන් සාකච්ඡාවක් පැවැත්වූ පළමු අවස්ථාව මෙය බව සඳහන්.

මෙම සමුළුවේ කැදවුම්කරු ලෙස කටයුතු කලේ හිටපු පළාත් සභා මන්ත්‍රි සහ ප්‍රාග්ධන වෙළෙඳ පොල හිටපු ආයෝජන උපදේශකයෙකු ලෙස කටයුතු කල නිරෝෂන් පාදුක්ක මහතා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...