සිව් වන කුඹල් පෙරහැර විදි සංචාරය කිරීම අද

Date:

සටහන – නදීක දයා බණ්ඩාර
අගෝස්තු 13,LNW මහනුවර :
ඓතිහාසික සෙංකඩගල පුර ඇසළ පෙරහැර මංගල්‍යෙය් සිව්වන කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීම අද රාත්‍රී යෙදෙන සුබ මොහොතින් සිදුවේ.


රාත්‍රී 7.20ට දකුණු දිශාභිමුඛව පිටත් වන පෙරහැර දළදා වීදිය, කොටුගොඩැල්ල වීදිය ඔස්සේ ගමන් කොට රජවීදියෙන් යළි ශ්‍රී දළදා මාලිගාවට ගෙවැදීමට නියමිතය.
තෙවන කුඹල් පෙරහැර නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාල පෙරහැර සමඟින් ඊයේ වීදි සංචාරය කළ අතර සධාතුක පෙරහැර කරඩුව වැඩම කරවන ලද්දේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පංතියට අයත් සිංහරාජා ඇති විසිනි. කෝට්ටේ රාජා සහ මියන් රාජා යන ඇතුන් දෑලේ ගමන් ගත්හ.
ශ්‍රී දළදා මාලිගා පෙරහැරෙහි විෂ්ණු දේවලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්ත මහතා ගමන් ගත්තේය.

ධාරානිපාත වර්ෂාව නොතකා සැදැහැවතුන් රැසක් පෙරහැර නැරඹීම සඳහා එක්ව සිටියෝය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත...

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් වාර්තාගත ආදායමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ඉතිහාසය තුළ ලබූ...

දිට්වා නිසා පූර්ණ හානි වූ වී ඇතුළු ධාන්‍ය වගා වෙනුවෙන් වන්දි ගෙවීම අවසන් අදියරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ වගාවන්ට...