සජිත් ගැන මට විශ්වාසයක් නැහැ.ඒකයි මම එළියට ආවේ – සරත් ෆොන්සේකා

Date:

කොළඹ LNW: සජිත් ප්‍රේමදාස මහතාට රට ගොඩනැගිය හැකි බවට තමන්ට විශ්වාසයක් නැති බව ජනාධිපති අපේක්ෂක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

තමන් වසර හතරක් සමඟි ජන බලවේගය සමඟ සිටි අතර පක්ෂය වෙනුවෙන් විශාල කැප කිරීමක් කළ නමුත් පක්ෂ නායකත්වයට එහි වටිනාකමක් නොතිබුණු බවයි ෆොන්සේකා මහතා සඳහන් කරන්නේ.

”මම එතුමා ගැන විශ්වාස කරන්නේ නැහැ. ඒක හැන්ද තමයි මම එළියට යන්නේ . එතුමා රට හදනවා කියල මට තේරුණා නම් මම එතුමා එක්ක අවුරුදු හතරක් වැඩකළා. පක්ෂය වෙනුවෙන් විශාල කැපකිරීමක් කළා. ගියපාර මැතිවරණයට එනකොට පක්ෂයෙන් අපට තනතුරු දුන්නෙත් නැහැ, මුදල් දුන්නෙත් නැහැ.අපි වෙනුවෙන් අඩුගානේ කතා කළේ වත් නැහැ. නමුත් පසුව එතුමගේ හැසිරීම දැක්කම විශාල කලකිරීමක් ඇති වුණා. දැන් ඇවිල්ල වේදිකාවේ හිටගෙන සන්ධාන හදනවා කියල පින්තූර ගන්න මිනිස්සු දිහාබලන්න. ඒ මිනිස්සු එක්ක පුලුවන්ද රට හදන්න. කසිප්පු ගැහුවත් වෙරිවෙනවා. හොඳ වර්ගයේ විස්කි ගැහුවත් වෙරිවෙනවා. ඒ වගේ තමයි මේ ගොල්ලොත්. සමහරු කසිප්පු. සමහරු විස්කි. හැබැයි විස්කි අඩුයි. කසිප්පු වැඩියි.” යනුවෙන් ෆොන්සේකා මහතා තවදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජොන්ස්ටන්ගේ පුත්‍රයා රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය...

ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත...

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් වාර්තාගත ආදායමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ඉතිහාසය තුළ ලබූ...