*
Wednesday, October 9, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාව භාරදිය යුතු පරිණත එකම නායකයා ජනපති රනිල් – පී. හැරිසන්

රෂිකා හෙන්නායක අගෝස්තු 13, කොළඹ (LNW):

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිර්මාණය කර ඇත්තේ එම පාක්ෂිකයන්ට නොව රාජපක්ෂ කුමාරවරුන්ට ඔටුනු පැළඳවීමට පමණක් බව එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

පී. හැරිසන් මහතා පවසන්නේ , රටේ ජනතාව මේ වන විට පක්ෂ දේශපාලනයෙන් ඉවත්ව ඇති බැවින් තවදුරටත් පාක්ෂිකයින් රාජපක්ෂ වරුන්ට සහයෝගය ලබා දෙනු ඇති බවට විශ්වාස කළ නොහැකි බවත් මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පොහොට්ටු පක්ෂයේ බහුතරයක් මන්ත්‍රීවරුන් පෙරමුණෙන් ගමන් කරන බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අනුරාධපුර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන දිස්ත්‍රික් කාර්යාලයේදී පැවති ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

පී. හැරිසන් මහතා පවසන්නේ,1994 සිට එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණ නොකල ද පොහොට්ටු පක්ෂයේ , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලැබීමත් හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණ පිළිබඳව කිසිදු සැකයක් නොමැති බවත් ගමට අධිකරණ බලය ලබාදිය යුතු බවට ලාල්කාන්ත මහතා පැවසුවද 88 – 89 සමයේදී ද ජනතා විමුක්ති පෙරමුණ විසින් මහා සංඝරත්නය ඇතුළු අහිංසක මිනිසුන් මරා දමමින් රාජ්‍ය දේපළ විනාශ කරමින් කැලෑ නීතිය ක්‍රියාත්මක කළ බවයි,

හැරිසන් මහතා ප්‍රකාශ කර සිටියේ , අනුර කුමාර දිසානායක මහතා ගල්කිරියාගම ප්‍රදේශයේ සන්නද්ධ නායකයා ලෙස කටයුතු කරමින් විදුහල්පතිවරයකු ඝාතනය කිරීමටත් තාබස් සිදුකළ ග්‍රාම සේවක මහතාවද ඝාතනය කිරීමට සන්නද්ධ කල්ලිවලට උපදෙස් ලබා දුන් බවත් ජාතික ජන බලවේගය නැවත වරක් බලය ඉල්ලනු ලබන්නේ ගම සමතලා කිරීමට බවයි.

චන්ද්‍රිකා කුමාරතුංග , මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරමින් ඔවුන් පවසන සොරුන් නිර්මාණය කිරීමට ජනතා විමුක්ති පෙරමුණම කටයුතු කළ බවත් කැබිනට් අමාත්‍යවරයෙකු බන්ධනාගාර ගත කරමින් හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර අධිකරණයෙන් සාධාරණ තීන්දුවක් ලබාදෙමින් වර්තමානයේ ක්‍රියාත්මක වන අධිකරණය හරහා ජනතා විමුක්ති පෙරමුණ සතුව පවතින මූල්‍ය වංචා සහ අක්‍රමිකතා සම්බන්ධ ලිපිගොනු ඉදිරිපත් කර නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් කරන බවයි වැඩි දුරටත් අදහස් දක්වමින් එතුමා සඳහන් කර සිටියේ.

එම අවස්ථාවට එක්වූ එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක නීතිඥ කස්තුරි අනුරාධනායක මහතා ප්‍රකාශ කර සිටියේ වර්තමානයේදී බංග්ලාදේශය මුහුදුන් තත්වයෙන් ශ්‍රී ලංකාව මුදවා ගැනීමට හැකි වූයේ රටේ පැවති ආර්ථික අර්බුදය හමුවේ සිදුකල රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය නිසා බවත් නව නීති ගෙන එමින් අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇති බැවින් ජනාතා විමුක්ති පෙරමුණ සතුව ඇති වංචා දූෂණ ලිපිගොනු මේ වන විට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියෝග කරන බවයි.

මහතා ප්‍රකාශ කරන්නේ , අනුර කුමාර දිසානායකගේ සගයා වන ලාල්කාන්ත පවසන නීතිය බංගලාදේශයේ වර්තමානයේ පවතින නීතිය හා 88 -89 සමයේ මෙරට පැවැති නීතිය මෙරට ක්‍රියාත්මක කිරීමට කිසි දිනෙක ඉඩ තැබිය නොහැකි බවත් වර්තමානයේදී කැබිනට් අමාත්‍යවරු බන්ධනාගාර ගතකරමින් හා හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානයක්කාර සමගි ජන බලවේගයෙන් නෙරපීමට නීතිය ක්‍රියාත්මක කරමින් අධිකරණය ප්‍රජාතන්ත්‍රවාදිව හා සාධාරණව කටයුතු කරන බවයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පමණක් ඡන්ද ලක්ෂ හතරක් ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ස්ථීර වශයෙන්ම ලබාදෙන බවට කිසිදු සැකයක් නොමැති බවත් මේ වන විට පොහොට්ටු පක්ෂයේ බෝඩ් ලෑල්ල නාමල් රාජපක්ෂ ළඟ තබා එම සියලුම මන්ත්‍රීවරුන් හා පාක්ෂිකයින් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්ව ඇති බවත් අරගලය හමුවේ බංග්ලාදේශයේ නායකත්වය භාරගනු ලැබුවේ ජේෂ්ඨත්වය, පරිණත බව සහ අත්දැකීම් ඇති නායකයෙකු බවත් ශ්‍රී ලංකාවද භාරදිය යුතු වන්නේ එවැනිම පරිණත එකම නායකයා වන රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බවත් නීතිඥ කස්තුරි අනුරාධනායක මහතා පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan