රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් රතු එළි!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 13 කොළඹ LNW :

අද දිනය තුළ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලුවට යහපත් ප්‍රතිචාරයක් නොලැබුනහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට අද දිනයේ විධායක සභා රැස්වීමක් ද කැඳවීමට නියමිත බව, එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවේය.


කෙසේවෙතත් මෙම ගැටලුවට විසඳුම් ලබාදීමට ආණ්ඩුවේ මැදිහත් වීම සාධනීය තත්ත්වය පවතින බවට මෙහිදී ප්‍රකාශ කෙරුණු අතර, වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටළුව මුල්කර ගනිමින් ඉකුත් සඳුදා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මීට පෙර තීරණය කර තිබුණි. එහෙත් ගැටලුව විසඳීමට අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත එය කල් දැමීමට පසුව තීරණය කෙරුණු බව වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

91 පසු කරන රැජිනියන්ට මේක එතරම් හොඳ කාලයක් නම් නෙවෙයි!

සටහන – පුලී දෙසැම්බර් 28, කොළඹ (LNW):  අනූඑක් වන වියට...

අංක එකේ ධම්මික පෙරේරාට සුබ උපන් දිනයක් !

ශ්‍රී ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයා වශයෙන් සැලකෙන ධම්මික පෙරේරා...

බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයන් නිවාස අඩස්සියේ තැබීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 28: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2022 මැතිවරණ...

මර්වින් සිල්වා, ලොහාන් රත්වත්තේ විතරක් නෙවෙයි තිස්ස කුට්ටිආරච්චි වගේ අයත් මේ ආණ්ඩුවෙන් බලාගන්න පුළුවන් – මරික්කාර්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නීතිගරුකව,යුක්තිගරුකව රට පාලනය කරන බව පැවසුවද මර්වින්...