නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW:
ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා සහ එහි බහුතරයක් කළ ක්‍රීඩාව සම්බන්ධයෙන් ඇති අතීත ගඳ ගැස්සීම් සියල්ලට, අමාත්‍ය බලයේ ආශිර්වාදයද ඇතුව සුවඳ කැවීමට උත්සාහ කරමින් සිටියි.එහි ඇති නීතිමය සහ සම්ප්‍රදායන් සම්බන්ධයෙන්ද ඇති කරමින් තිබෙන වෙනස්කම් අනාගතය සම්බන්ධයෙන් වන වැරදි පූර්වාදර්ශ වනු ඇත.මේ පරිසරය මත ලංකාවේ ක්‍රීඩාව එක තැනෙකට ලඝුව ඇති අතර ඉහළින්ම ඇත්තේ ප්‍රායෝගික අනවබෝධය සහ හැදෑරීමේ අඩුවනම් ඒ තුළ සිට කරන කඩදාසිමය වෙනස්වීම් පලදායක නොවන්නේය.තමන් සියල්ල දන්නා බව සිතන මිනිසුන් සහ තමන් කරන සියල්ල නිවැරදි ලෙසට අගයන මිනිසුන්ගේ අවශ්‍යයතාවය තමන්ගේ අවශ්‍යයතාවයට එයින් ලැබෙන ආශිර්වාදය පමණක් බව හැඟෙන විට ක්‍රීඩාවට බොහෝ විනාශ්‍යන් ළඟා වී තිබිය හැකිය.අතීතයේ ද සිඳු වූයේ එසේය.අර්ජුන – රොෂාන් සුසංයෝගය ඊට කදිම නිදසුනක්ය.
වත්මන් බොහෝ දේශාපාලන නියෝජිතයන්ට නුහුරු මෙවැනිි පාවඩ පිරුවට එළා කරන පිළිගැනීම්වලින් ඔවුන් උද්දාමයට සංතෝශයට පත්වෙමින් සංතර්පනයට පත්වීම දැකිය හැකිය.මේ දවස්වල 155 බස් රථය යළි ගමන් ඇරඹිම ඊට හොඳ උදාහරණයක්ය.මත්තලට ගුවන් යානයක් පැමීණිම සතුටෙන් සැමරීම විවේචනය කළ දේශපාලන කණ්ඩායමකින් බස් රථයක් නැවත ක්‍රියාත්මක කරවීම ඒ ආකාරයට සැමරීම දකින්නට ලැබීම සරදම්කාරීය.
මේ ආකාරයට නුහුරු පිළිගැනීමක් වත්මන් ක්‍රිඩා අමාත්‍යවරයාටත් සෑම අවස්ථාවකම බොක්සිං උත්සව වලදී ලැබීම ඉකුත් කාලයේ අපි දුටුවෙමු.ඒ නිසාම ඔහු යම් ආකාරයක බොක්සිංවල ඇති ගැටළු පැතිර විසිර යන තත්ත්වයක වුව එය උත්කර්ශයට නංවන බවක්ද පෙනෙන්නට තිබිණ. 2025 මැයි 21 දින ක්‍රියාත්මක වූ නව ක්‍රීඩා නියාමන පනත අනුව, ජාතික ක්‍රීඩා ආයතන දැඩි ක්‍රියා පටිපාටි, මූල්‍ය හා පාලන ප්‍රමිතීන් අනිවාර්යයෙන්ම පිළිපදි යුතු අතර, එසේ නොකළහොත් කටුක ප්‍රතිවිපාක මුහුණ දිය යුතුය. එහෙත් BASL, මෙම නියාමයන් පනතේ නියමයන් අඛණ්ඩව උල්ලංඝනය කළත්, ලිඛිත පැමිණිලි ලැබුණත් කිසිවක් සිඳු නොවන්නේ මේ උත්කර්ශයට නැංවීම නිසා විය හැකිය.
නව පරිපාලනය පත්වීම සිඳුවන්නේ සැබවින්ම ඩයන් ගෝමස් පාර්ශවයට යම් විරෝධයක් ප්‍රකාශ කරමින්ය.එහි සිටි බොහෝ දෙනෙක් බොක්සිං ජීවිතය සහ වෘත්තිමය ජීවිතය සඳහා පෞද්ගලිකව ඩයන් ගෝමස්ගේ නොමඳ ආශිර්වාදය ලැබූවෝ වූහ.එහෙත් ඉහළට ගොඩ වූ පසු ඉණිමඟට වෙන දේ මේ සංස්කෘතිය ඇතුළත අපට නුහුරු නැත.වත්මන් සභාපතිවරයාට තමන්ට බොක්සිං සම්බන්ධයෙන් ජයග්‍රහණයට අවශ්‍යය සම්බන්ධතා ජාලය සකස් කර දෙන ඉහළ සිටි අය එතැනට ගොඩ වී සිටි ඉණිමඟ නොපෙණින.එයට පයින් ගසා සිටින බව නොදැණින.ඒ නිසා එක පරිච්චේයක් නිමා වන්නේ ඉතිහාස පොතින් එය මකා ඉරා දමා වීසි කරන්නට අවශ්‍යය අයගේ උවමනාව මත බව වත්මන් බොක්සිං සභාපති නොදැන ඇරඹූ ගමණක අදූරු අපැහැදිළි අදූර්දර්ශි තැනෙක වත්මන් බොක්සිං පැමිණ ඇත.
මාධ්‍යකරුවන් පරිපාලකයෝ නොවෙති.එහෙත් පරිපාලකයන් මෙන් වෙනස් නොවී එක දිගට කේෂ්ත්‍රය සමග වන ගණුදෙනුවක් මාධ්‍යකරුවාට ඇත.මෙය ව්‍යස්ථාපිතව හෝ වෙනත් නීතිමය තත්ත්වයක් මත කාල සීමා නොපැනවෙන වෘත්තීයකි.ඒ නිසාම අනුරුද්ධ බණ්ඩාරගේ නායකත්වය යටතට බොක්සිං පැමිණි මොහොතේ අපට ඇති අත්දැකීම් සමඟ ඒ වන විට තිබුණු රැක ගත යුතු දේ,අත්හළ යුතු දේ මෙන්ම අලුතින් ඇරඹිය යුතුව ඇති දේ ඇතුළත් මාර්ග සිතියමක් ලියා ඉදිරිපත් කරන්නට කටයුතු කළේය.
එයට ප්‍රතිචාර දක්වමින් බොක්සිං පරිපාලනයට අනුරුද්ධ බණ්ඩාරව රැඟෙන ඒමේ වගකීම අමාත්‍යවරයාව සිටි රොෂාන් රණසිංහ විසින් පවරා දුන්නේ තමන්ට බවත් බොක්සිං ක්‍රියාත්මක කළ යුතු ආකාරය තමන් දන්නා බවත් පවසමින් යම් තර්ජනාත්මක උපදේශන මාලාවක් ඉදිරිපත් කරන්නට දසනායකනම් අයෙක් ඉදිරිපත් විය.එම ඇමතුම පැමිණියේ බොක්සිං පුහුණුකරු අරවින්දගේ දුරකතනයෙන්ය.ඩයන් ගෝමස්ව දැඩිව විවේචනය කරන කාලයක වුව ඔහු ඒ ගැන කතා කර අදහස් හුවමාරු කර ගනිමින් සාධනීය දේ අගය කරමින්ද ඔහුට නිවැරදි බව සිතන දේ පැහැදිළි කරමින්ද මිත්‍රශිලීව මාධ්‍ය සමඟ කළ ගණුදෙනුවට සපුරා වෙනස් වූ මේ ඇමතුම නව පාලනයේ ගමන යහපත් එකක් නොවනු ඇති බවට ඉඟි කරන එකක් විය.
කාලය විසින් අප කළ අනුමානය නිවැරදි කරමින් පත් වූ පරිපාලනයේ යම් තනතුරු එම තනතුරුවලින් ඉවත් විය.සමහර පුද්ගල චරිත ඔවුන්ම ඉවත් කර දැමීය.මේ වන විට එහි තනතුරු ගණනාවක් හිස්ය.ආසියානු කණිස්ඨ තරගාවලිය මොහොතේ පත්කර ගත් ලේකම්වරයා ද ඉල්ලා අස් වී ඇත.මූල්‍ය පාලනය සම්බන්ධයෙන් චෝදනා බොහෝය.මේ සියල්ල ජාත්‍යන්තර වශයෙන් කුමන බොක්සිං සංගමය පිළිගන්නේද යන්න ගැටළුකට මුහුණ දී ඇත.ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පිළිගන්නා බොක්සිං නිල වශයෙන් පිළි නොගන්නේනම් අපට ඔලිම්පික් නියෝජනයට ඉඩ නැත.එහෙත් දැන ගැටළුව ඉදිරිපත් කරන්නේ කවුරුද්ච යන්නය.එවැනි ලක්ෂණ තිබුණ ජපුර සරසවියේ මිහිරාන් උමයංග සිය සමාජ ජාලා ගිනුමක පුහුණුකරුවන් සහ පරිපාලනය නිසා බොක්සිං අත හරින බව ප්‍රකාශ කර ඇත.කණගාටුම නිවේදනය මේ මොහොතේ අපටනම් එයය.
කෙසේ හෝ මේ වන විට බොක්සිං පරිපාලනය සම්බන්ධයෙන් වන චෝදනා නොසළකා හරින තත්ත්වයක පවතින බවට බොහෝ දෙනෙක් කියන්නේය.එවැනි වටපිටාවක ඩයන් ගෝමස් අනුරුද්ධට බොක්සිං දියුණු කිරීමේ අදහසක් ඇති බව ද,අදහසක් ඇති අයෙකුනම් ෂීසෙල්ස් වැනි සංචාර නොකරන බව ද කියයි.මෙයින් අප ගත යුතු වන්නේ සභාපතිවරයාගේ පැවත්ම පිණිස සහ ආකර්ශණය පිණිස සරල සංචාර යොදා ගන්නා බවය.ඩයන්ගේ වචනවලින් ගතහොත් ඔලිම්පික් බලාපොරොත්තුවක් ඇති අයෙකු ෂිසෙල්ස් වැනි සංචාරයක් නොකරනු ඇති බවය.
බොහෝ විට ලංකාවේ ක්‍රීඩා කේෂ්ත්‍රයේ පාළකයන්ට ඇමතිවරුන්ගේ සිටම වරදින තැන ඔවුන්ව තදින් විශ්වාස කරන ඔවුන්ට උපකාර කරන සහ ඔවුන්ව අනුමත කරන බව පෙන්වන පුද්ගලයෝය.ඔවුන් ඒ ආකාරයට පාළකයා උත්කර්ශයට නංවන්නේ සහ උද්දාමයට පත් කරන්නේ ඒ ක්‍රියාවන් තුළ ඇති තමන්ගේ අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීමට හැකි තත්ත්වය් ගැන සිතාය.මේ ගැන ඩයන් ගෝමස්ට හොඳ අත්දැකීම් තිබෙන බව අපි දනිමු..
එසේම මේ මොහොතේ දි ඩයන්ව මෙහෙයව්නේ තමන් තුළම වූ අත්දැකීම්මය.ඊට පෙර ඩයන් ගතහොත් ඔහුට අවශ්‍යය වූයේ ලංකාවේ වැඩිම ජන ආකර්ශණය ඇති ක්‍රීඩාව බවට බොක්සිං පත් කිරීමටය.ඔහු ඒ වෙනුවෙන් කළ මෙහෙයට මිලක් නැත.ඔහු නිසා ජීවිතය වෙනස් වූ මිනිසුන් ක්‍රීඩකයින් පමණක් නොව,පුහුණුකරුවන්ද නිලධාරීන්ද විශාල ප්‍රමාණයක් ඇත.සමහර පිරිස් ඩයන් එවකට මූලිකත්වය ගත් මාස් ආයතනය සමඟ වෛරයෙන් කතා කළ අය වූහ.එහෙත් ඔවුන් මුල් රැකියාවෙන් සමුගත් පසුව මාස් නියෝජනයට එක් විය..ඒ බොක්සිං වෙනුවෙන් ඔවුන් වටින බැවිනි.
දැන් බෙදා වෙන් කර ගත්විට බොක්සිං තුළ හඳුණාගත හැකි කණ්ඩායම් දෙකකි.ඒ කණ්ඩායම් දෙකේම ඩයන්ට ගුණමකු වූ අය සිටිය හැකිය.ඒ පිරිස් ගෙන බලද්දී අනුරුද්ධ ඩයන්ට අඩුවෙන් බලපෑම් කළ ඩයන්ව පළුඳු කළ චරිතයවන්නේය.ඒ නිසා මේ මොහොතේ ඩයන්ට ඔහු දැනෙනවා ඇත.අප යෝජනා කරන්නේ අප දුටු ඩයන්ට දැනෙන බොක්සිංවලටම මුල් තැන දෙන්න කියාය.ඒ වෙනුවෙන් සියල්ලම අතහැර මේ ගැටළුව විසඳෙන ආකාරයේ නිරීක්ෂකයෙකු වන්න කියාය.මේ මොහොතේ කණ්ඩායමකට වාසි සහගත විදිහට මැදිහත්වීමෙන් වන්නේ කුමන කුණ ගොඩ ඇල්ලුවද අත අපිරිසිදු වීම පමණි.
අපි මේ රජයට බොක්සිං ගැටළුව නිවැරදිව ව්‍යවස්ථානුකූලව ක්‍රීඩා පණත ප්‍රකාරව විසඳන්නට මැදිහත් වෙන්න බල කරන්නෙමු.එසේම ඉදිරි ඔලිම්පික් උළෙල වෙනුවෙන්, සමුගැනීම ප්‍රකාශ කර සිටින උමංග මිහිරාන් කැඳවා ඔහුගේ අනාගතය නිවැරදිව බලය හිමි බොක්සිං පාර්ශවයට බලයට එන්නට ඉඩ දී භාර දී, රජයද මැදිහත්ව උමයංගව හොඳ විදේශ රටක පුහුණුවට යොමු කරන්නට අවශ්‍යය ආර්ථික අනුග්‍රහය ලබා දෙන්න මැදිහත් විය යුතුය.මේ මොහොත බලය වෙනුවෙන් සටන් කරන පිරිසට තමන්ගේ ගොඩ වැඩි කර ගන්නට හොඳ ඉඩක් සකසා ගැනීමේ උවමනාව මිස වෙන දෙයක් නැති බව අපේ විශ්වාසය වන්නේය.ක්‍රීඩාවට සෘජුව සම්බන්ධ නොවී රටේ ක්‍රීඩාව ගැන හිතන පිරිස නියේජනය කරන කඳවුරේ සිට බලන කළ ලංකාවේ බොක්සිංවලට අදාළ සියළු ගැටළු උමයංග මිහිරාන්ට සාධාරණයක් වන ලෙස විසඳිය යුතු බව අප තුළ ඇති විශ්වාසය වන්නේය.
ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ ඒ විශ්වාසය ඇති කඳවුරට ගොඩ වී කළ පිළිගැනීම් පැළඳි මල්මාලාවල උත්කර්ශය පසෙකින් තබා බොක්සිං දෙස බලන ලෙසය.
