බලය බබලවන ඔස්ට්‍රේලියානු ආග්‍රාණ්ඩුකාරවරිය

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW:

අපට නුහුරු බලය ඉදිරියේ සරල වන අයුරුය.බලය කියන්නේ ඇති බව ප්‍රදර්ශනය කළ යුතු දෙයක් යැයි සිතන බොහෝ භූමිකාවන් අපට හුරුය.එය එදා අද කියා බොහෝ වෙනසක් නැත.කැමරා ඉදිරියේ මිස සැබෑවට දැනෙන සිතෙන කාරණාවක් නොවී ක්‍රියාත්මක වන නිහතමානීත්වය අඩුය.


ඒත් සමහර නායකයින් ලෝකය දෙස බලන විට හැසිරෙන ආකාරය සිතා ගන්නට අපහසුය.එහෙත් නායකත්වයෙන් බැබලෙනු වෙනුවට නායකත්ය බබලන්නෝ ද ලොව වෙති.මේ ඡායාරූප පෙළේ සිටින්නී එවැන්නියකි.ඇය ඔස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය වන සෑම් මොස්ටින් ය.ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන අතරතුර ඇය ගාලු ක්‍රීඩාංගණයට ද ගොඩ වෙන්නට අමතක නොකළාය.ඒ අගෝස්තු 9 දා ය.


ශ්‍රී ලංකාවේ, ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා වන පෝල් ස්ටීවන්ස් සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණි අග්‍රාණ්ඩුකාරවරිය, ගාල්ල දිස්ත්‍රික් වයස අවුරුදු 13 න් සහ 15 න් පහළ සංචිත ගත කොට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟින් ක්‍රිකට් ක්‍රීඩාවේද නිරත වීම කැපී පෙනිණ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගරු ලේකම් බන්දුල දිසානායක ඇතුළු ක්‍රිකට් ආයතන බලධාරීන් විසින් ඔස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය ඇතුළු පිරිස උණුසුම් ලෙස පිළිගත් අතර අනතුරුව, බන්දුල දිසානායක ලේකම්වරයා විසින්, ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය සතු පෞඪ ඉතිහාසය පිළිබඳව වූ කෙටි අවබෝධයක් ද ඔවුන් වෙත ලබා දෙනු ලැබීය.


ඔස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර ධුරයක් දරන්නකු ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව ලෙසින් සනිටුහන් වන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ශක්තිමත් ක්‍රීඩා සබඳතා අවධාරණය කරමින්, ඔවුන් සමග ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත ළාබාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ක්‍රිකට් උපකරණ බෙදා දීමද මොස්ටින් මහත්මිය අතින් සිදුකෙරිණ.


මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික්කයේ දිසාපතිවරයා ලෙසින් කටයුතු කරන ධර්මසිරි වීරතුංග, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර ක්‍රිකට් අංශ ප්‍රධානී චන්දිම මාපටුන, ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංවර්ධන අංශයේ ප්‍රධානී කමල් ධර්මසිරි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිපාලන ප්‍රධානී අරුණ ද සිල්වා මෙන්ම ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ලේකම් මහේෂ් සංජීව යන අය ද සහභාගිවූහ.


බ්‍රිතාන්‍යෙය් කිරුළ දරන තුන්වැනි චාල්ස් රජුගේ නියෝජිතයා ලෙසට බලතල හිමිව ඇත්තේ ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය නායකත්වය ලෙස සැලකෙන අග්‍රාණ්ඩුකාර ධුරයට වන අතර එරට සන්නද්ධ හමුදාවන්ගේ සේනාධිනායකයා ලෙසින්ද සෑම් මොස්ටින් කටයුතු කරන්නීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...