මාස 8ක් ගිහිල්ලත් ගුරු උපදේශක සේවයේ ගැටලුව විසදී ගැනැ – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

ගුරු උපදේශකවරුන් 1982ක පුරප්පාඩු ඇති බවට මීට පෙර තමා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළ බවත් එම පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවට මීට මාස කිහිපයට පෙර අධ්‍යාපන ඇමතිවරයා පොරොන්දු වූ නමුත් එය තවම ක්‍රියාත්මක වී නොමැති බවත් එසේම ගුරුවරුන් ගුරු උපදේශක තනතුරට පත්වීමේ දී සිදුවන වැටුප් විෂමතාවක් ඇති බවත් මීට පෙරත් ඒ සම්බන්ධයෙන් අනාවරණය කළ බවත් එම ගැටලුව නිසා බොහෝ ගුරු උපදේශකවරුන් අදාළ සේවය බාර ගැනීමට සිදු නොකරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපනය පිළිබඳ ආංශික කාරක සභාව රැස්වූ අවස්ථාවේ දී ගුරු උපදේශක සේවයේ ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කරමිනි.

ජනවාරි මාසයේ සිට මෙම ගැටලු මතු කළත් තවමත් විසදුම් ලබා නොදී සිටීමට හේතු කවරේද? යන්න සම්බන්ධයෙන් විමසා සිටි විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ මෙම ගැටලු විසදීමට අදාළව නිශ්චිත කාලසීමාවක් ලබා දෙස ලෙස ද ඉල්ලා සිටියේය.

ුගුරු උපදේශකවරයා ගුරුවරුන්ට වඩා ඉහළ තලයක සිටිනවා නම් ඔවුන්ගේ වැටුප් සහ වර්ධක වැඩි විය යුතු බවත් කිසිදු විෂමතාවක් ඇති නොවිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ආයතනික වශයෙන් ගුරු උපදේශකවරුන් සමඟ ගැටලුවක් ඇති නිසා මෙම ප්‍රශ්න විසදීම පමා වෙන බවට සැකයක් ඇති බව ද පැවසීය. එවැනි ගැටුම් ඇති කර නොගන්නා ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී ඉල්ලා සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...