ඊශ්‍රායලයට පහර දීමෙන් වළකින ලෙස බටහිර රටවල් කරන ලද ඉල්ලීම් ඉරානය ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය මාසයේ ටෙහෙරානයේ දී හමාස් දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඝාතනයෙන් පසු ඊශ්‍රායලයට එරෙහි එහි තර්ජනය නතර කරන ලෙස ප්‍රංශය, ජර්මනිය සහ එක්සත් රාජධානිය කළ ඉල්ලීම් ඉරානය ප්‍රතික්ෂේප කර තිබේ.

ඊයේ(12)දිනයේදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් සහ බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, කලාපීය ආතතීන් තව දුරටත් තීව්‍ර කරන ගාසා සටන් විරාමයක් වෙනුවෙන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට එකඟ වීමට ඇති අවස්ථාව අනතුරේ හෙළන ප්‍රහාරවලින් වළකින ලෙස ඉරානයෙන් හා අනෙකුත් පාර්ශව වලින් ඉල්ලා සිටින බවයි.

ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක නසාර් කනානි ප්‍රක්ෂයක් නිකුත් කරමින් කියා තිබුණේ, යුරෝපීය රටවල් ඊශ්‍රායලයේ ජාත්‍යන්තර අපරාධවලට කිසිදු විරෝධයක් නොදැක්වූ බවත්, ඉරානයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කිරීමකට ප්‍රතිචාර නොදක්වන ලෙස නොසැලකිලිමත් ලෙස ඉල්ලා ඇති බවත්, ඉරානය විසින් ගාසාවේ යුද්ධයට සහ ඊශ්‍රායලයේ යුද ගැටුම්වලට එරෙහිව එක්වරම නැගී සිටින ලෙස රටවල් තුනකින් ඉල්ලා සිටි බවයි.

මේ වන විට පෙන්ටගනය ඕනෑම ප්‍රහාරයකින් ඊශ්‍රායලය අරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගුවන් යානා වාහක ප්‍රහාරක කණ්ඩායමක් මෙන්ම බැලිස්ටික් මිසයිල සබ්මැරීනයක් මැද පෙරදිගට යවා ඇති අතර මේ සම්බන්ධයෙන් ඉරානයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක වැඩිදුරටත් සිය ප්‍රකාශනයේදී කියා තිබුණේ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අකර්මන්‍යතාවය සහ බටහිර ආන්ඩු ඊශ්‍රායලයට ලබා දෙන පුලුල් දේශපාලනික සහ මිලිටරි සහයෝගය ගාසා අර්බුදයේ කලාපීය ප්‍රසාරනය පිටුපස ඇති ප්‍රධාන සාධක ව ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වර්ධනය තවදුරටත් – අද (14) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ...

2027 දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.7% දක්වා පහළට – IMF පුරෝකථනය කරයි

2027 වසර සඳහා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ (GDP)...

මාලිමාවට බලය හිමි වැලිගම සභාවේ අයවැය පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි වැලිගම ප්‍රාදේශීය සභාවේ 2027...

BYD RACCO විදුලි මෝටර් රථය ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා දෙයි

ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන නිෂ්පාදකයා වන BYD සමාගම,...