කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර ජනාධිපතිවරණයට එන්නේ කොමියුනිස්ට් පක්ෂයෙන්

සටහන – රුවන් නෙළුගොල්ල

මව්බිම ජනතා පක්ෂයේ නායක, කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඊයේ (13) ඇප මුදල් තැන්පත් කළේය.

ඒ මහතා එසේ ඇප මුදල් තැන්පත් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙනි.

අංක 91, ආචාර්ය එන්. එම්. පෙරේරා මාවත, කොළඹ 08 ලිපිනයේ පදිංචි ගීගනගේ වීරසිංහ යන අය විසින් දිලිත් ජයවීර මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇත.

ප්‍රාග්ධනයේ ආධිපත්‍යයට එරෙහිව කොමියුනිස්ට් සමාජයක් බිහිකිරීම අරමුණු කරගෙන වාමාංශික දේශපාලනයක් කිරීමට පිහිටුවන ලද ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය අවසානයේ කෝටිපති ව්‍යාපාරිකයකුට කුලියට දීමට සිදුවීම ද දෛවෝපගත සිදුවීමක් වශයෙන් හැඳින්විය හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

14 වන ලියෝ පාප් වහන්සේ පෙනහළු පිළිකා සැත්කමකට බඳුන් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 14: ශුද්ධෝත්තම 14...

වැසි තත්වයේ වර්ධනය තවදුරටත් – අද (14) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ...

2027 දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.7% දක්වා පහළට – IMF පුරෝකථනය කරයි

2027 වසර සඳහා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ (GDP)...

මාලිමාවට බලය හිමි වැලිගම සභාවේ අයවැය පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි වැලිගම ප්‍රාදේශීය සභාවේ 2027...