එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවන් පුහුණු කරන්න එංගලන්තයෙන්ම කෙනෙක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 14, (LNW) කොළඹ :

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු ලෙස හිටපු එංගලන්ත ක්‍රීඩක ඉයන් බෙල් කැඳවන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර ඇත.ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් අදහස් දක්වන ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා පෙන්වා දෙන්නේ එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩා කර අත්දැකීම් ඇති ඉයන් බෙල්ගේ දස්කම් ශ්‍රී ලංකා කණ්ඩායමට මේ සංචාරයේ දී වැදගත් වනු ඇති බවය.


ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය පදනම් කරගෙන එම ටෙස්ට් තරග තුනේදී හ්‍රී ලංකාවේ පිතිකරුවන්ට මඟ පෙන්වීම සඳහා කැඳවා ඇති ඉයන් බෙල් 42 හැවිරිදි ය.ටෙස්ට් තරග 118 දී එංගලන්තය නියෝජනය කර අත්දැකීම් ඇති ශතක 22 ක එකතුවක් හිමි ඉයන් බෙල් එකතු කරගෙන ඇති ලකුණු 7727 සාමාන්‍ය සඳහන් වන්නේ 42.69 ක් ලෙස ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට 27 වසරක සිර දඬුවම් නියම කෙරේ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 26: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ...

කාලෙකට පස්සෙ විශිෂ්ඨ ජයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 26, කොළඹ LNW: සෑහෙන කාලයකට පසුව ශ්‍රී...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි – අද (26) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු...

මූල්‍ය අරමුදලේ වාරිකය හා ඩොලර් බැඳුම්කර නිකුතුව

මාධ්‍ය වාර්තා අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින්...