වතු කම්කරුවන්ගේ වැටුප් ගැන නව ගැසට්ටුවක්. විරෝධතාවලටත් දින දෙයි

0
223

සටහන – රුවන් නෙළුගොල්ල

තේ සහ රබර් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් සම්බන්ධයෙන් පඩිපාලක සභා ආඥාපනත යටතේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ඔවුන්ගේ දෙනික අවම ගෙවීම රුපියල් 1350 ක් සහ ඵලදායීත්වය මත පදනම් වූ දිරි දීමනාව රුපියල් 350 ක් වශයෙන් දෛනික සම්පූර්ණ ගෙවීම රුපියල් 1700 ක් විය යුතු බව එම ගැසට් නිවේදනයෙන් දැක්වේ.

මෙම යෝජනාවට අදාළ විරෝධතා අගෝස්තු 28 දින මධ්‍යහ්න 12.00 දක්වා භාරන්නා බවත් එම ගැසට් නිවේදනයේ සඳහන්.

එම අතිවිශේෂ ගැසට් නිවේදනයට මෙතැනින් යොමුවන්න …