සමඟි ජන සන්ධානය තුළ දුෂණයට,වංචාවට,ජාතිවාදයට,ආගම්වාදයට,වර්ගවාදයට ඉඩක් නැහැ – ඩිලාන්

Date:

කොළඹ LNW:සමඟි ජන සන්ධානය තුළ දුෂණයට,වංචාවට,ජාතිවාදයට,ආගම්වාදයට,වර්ගවාදයට කිසිදු ඉඩක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

සන්ධානය පිහිටුවීමේදීම ඒ ගැන සැලකිලිමත් වීම සිදු වූ අතර ඇතැම් සාකච්ජා අසාර්ථකද වූ බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

”සජිත් ප්‍රේමදස මැතිතුමා ඇතුළු මේ සන්ධානය ගොඩනගන විට එය ඉතා ප්‍රවේශමෙන් කරමින් ඉන්නේ. මම පෞද්ගලිකව දන්නවා සමහර අවස්ථාවලදී සමහර කණ්ඩායම් සාකච්ජා මේසයට එද්දී ඒ කණ්ඩායම් ගැන තිබිච්ච චෝදනා ඒ කියන්නේ ජාතිවාදී,වර්ගවාදී පැත්ත ගැන බලල සමහර සාකච්ජා ඉදිරියට ගියේ නැහැ. මොකද මේ සන්ධානය තුළ අබ මල් රේණුවකවත් ජාතිවාදයක්,වර්ගවාදයක්, කුලවාදයක්, දුෂණයට, වංචාවට ඉඩ දෙන්නේ නෑ කියන එක වෙනුවෙන් දැඩි ලෙස පෙනී හිටපු නිසා. ඒ නිසා මේ අවස්ථාවේදී මේ සන්ධානය ගොඩනැගීම පමණක් නෙවෙයි ඒකට එන ඔළුගෙඩි නිකම්ම එක්කහු කරගන්නවා කියන කාරණය නෙවෙයි එකතු වෙන පිරිස ගැන වඩා හොඳ අවබෝධයකින් කළ යුතුයි. එහෙම කරපු නිසාම තමයි අපිට පේන්න තියෙන්නේ මීට මාස තුනකට එහායින් තිබුණ ප්‍රතිචාරයට වඩා වැඩි ප්‍රතිචාරයක් දැන් තියෙන්නේ ජනමත සමීක්ෂණ වල.” යනුවෙන් ඔහු තවදුරටත් සඳහන් කරයි..

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...