2015 -2019 මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් මුදල් ඇදපු හැටි මෙන්න.විගණකාධිපතිට හේතු කියලත් නැහැ!

Date:

කොළඹ LNW:2015 – 2019 කාලය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආයෝජන මුදල් නැවත ලබා ගැනීමක් සම්බන්ධයෙන් අද (14) ජාතික ජන බලවේගයේ විගණන හා ගණකාධිකාරී වෘත්තිකයින්ගේ මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති රම්‍යා ලාලනී මහත්මිය විගණකාධිපති වාර්තා මඟින් කරුණු දක්වමින් පැවසුවේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් මිලියන ගණනින් ලබා ගෙන ඇති නමුත් විගණකාධිපතිට ඒ සම්බන්ධයෙන් හේතු දැක්වීමක් හෝ කර නොමැති බවයි.

උක්ත කාලයට අදාළව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලයේ අනුමැතියෙන් පමණක් ප්‍රවේශ පත්‍ර අලෙවිකරුවන් 14ක් බඳවා ගෙන තිබෙන බවද රම්‍යා ලාලනී මහත්මිය සඳහන් කළාය.

එලෙස පාලක මණ්ඩලයේ අනුමැතියෙන් පමණක් තනතුරු ස්ථාපිත කිරීමක් සිදුකිරීමට නොහැකි බවයි ඇය සඳහන් කළේ.

2018-2019 කාලය සඳහාත් 2015 -2019 කාලය සඳහාත් මධ්‍යම සංස්කෘතික අරමුදල සම්බන්ධ විගණකාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන විගණන වාර්තා මත පදනම්ව ඇය පැවසූ අන්දමට එම කාලය තුළ බිලියන ගණනින් ආදායම් උපයා තිබේ.

ඒ අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් 2015 වසරේ ආදායම රු.බිලියන 2.8ක්,2016 දී බිලියන 3.7ක් 2917 දී බිලියන 4.4ක් 2018 දී බිලියන 4.9ක් සහ 2019 දී රුපියල් බිලියන 4ක් උපයා ඇත.

මෙම පසුබිම තුළ එහි පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව මිලියන ගණනින් ආයෝජන මුදල් නැවත ලබා ගෙන ඇති බවයි ඇය කියා සිටියේ.

2015 රු.මිලියන 50ක් 2016 රු.මිලියන 100ක් 2017 රු.මිලියන 362.7ක් 2018 රු.මිලියන 126.6ක් හා 2019 රු.මිලියන 2052.4ක් ලෙස ගෙන ඇති බව ඇය අනාවරණය කළාය.

කෙසේවෙතත් මෙලෙස යෝජනා නිදහස් කරගැනීමට විගණකාධිපතිවරයා විසින් හේතු විමසා ඇති නමුත් ඊට හේතු දැක්වීමක් ද සිදුකර නැති බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ සෙල්ලමින් විදේශ ආධාර අර්බුදයක – නාමල්ගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ආණ්ඩුව තවදුරටත් විගණකාධිපති තනතුරට පත් කිරීමක් සිදුනොකර කරන...

ට්‍රම්ප් ඇමතූ ඩලස් !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31,, කොළඹ LNW : ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සමාජීය අභියෝග අභිබවා ඉන්දියාව ජපානයත් පහුකරගෙන ලොව බලවත් සිව් වන ආර්ථිකය බවට පත්වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව් වන විශාලතම...

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර...