ඡන්ද දායකයින්ගේ අනන්‍යතාවය සඳහා අනිවාර්යයෙන්ම රැගෙන ආ යුත්තේ මොනවාද?

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ (LNW):

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත අතර, එහිදී ආබාධිත පුද්ගලයින් ඡන්දය භාවිත කිරීමේදී ඔවුන්ට නිකුත්කර ඇති තාවකාලික හැඳුනුම්පත භාවිත කළ හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.ඔහු මේ බව සඳහන් කළේ, අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඡන්ද දායකයින්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා අනිවාර්යයෙන් ම රැගෙන ආ යුත්තේ මොනවාදැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට , මැතිවරණ කොමසාරිස් ජනරාල් පැවසූවේ,


“වලංගු ජාතික හැඳුනුම්පතක්, වලංගු රියදුරු බලපත්‍රයක් හෝ වලංගු ගුවන් ගමන් බලපත්‍රයක්, සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර ඇති වැඩිහිටි හැඳුනුම්පත, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇති විශ්‍රාමික හැඳුනුම්පත. ඒ එක්කම පූජ්‍ය පූජක උතුමන් වෙත පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ හැඳුනුම්පත, ඒ වගේම මේ කිසිම දෙයක් නැති අයට පුළුවන් තමන්ගේ ග්‍රාම නිලධාරීවරයා සමග මැතිවරණ කාර්යාලයට ගිහිල්ලා තාවකාලික හැඳුනුම්පතක් ලබාගන්න. එත් එක්කම මෙවර විශේෂයෙන්ම සඳහන් කරලා තිබුණා ආබාධිති ප්‍රජාව සඳහා අපි නිකුත්කළා තවකාලික හැඳුනුම්පතක් ඔවුන්ට ඒ තාවකාලික හැඳුනුම්පත පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා.” ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...