2024 වසර ආරම්භයේ සිට වාර්තාගත ජාතික තාප වාර්තා 15ක් බිඳ වැටේ

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : 2024 වසරේ පෙබරවාරි සිට ජූලි දක්වා වාර්තා ගත ජාතික තාප වාර්තා 15ක් විශ්මය ජනක ලෙස බිඳ වැටි නව වාර්තා පිහිටුවා ඇති බව දේශගුණ ඉතිහාසඥයන් සඳහන් කර තිබේ.

ඒ අනුව, මෙම ආන්තික උෂ්ණ සිදුවීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශගුණ ඉතිහාසඥයන් සඳහන් කර තිබුණේ, මීට පෙර මෙවැනි තත්වයක් කිසි දිනෙක දැක නොමැති බවත් මිනිසා විසින් සාදන ලද ගෝලීය උණුසුම ගෑස්, තෙල්, ගල් අඟුරු සහ ස්වාභාවික එල් නිනෝ කාලගුණික තත්වයන් හේතුවෙන් නිවර්තන පැසිෆික් සාගර මතුපිට උණුසුම් වන අතර එය ලෝකයේ බොහෝ ප්‍රදේශ වල ඉහළ උෂ්ණත්වයන් සමඟ සම්බන්ධ වන බවයි.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) විසින් ජාත්‍යන්තර කාලගුණ වාර්තාවන් සංරක්ෂණය කර ඇති අතර ඒවා පරීක්ෂා කිරීමට විශේෂඥ මණ්ඩලක් සංවිධානය කර තිබේ. මිට අමතරව, විවිධ සංවිධාන රාශියක් විසින් ජාතික සහ උපජාතික වාර්තා පැයකට හෝ දිනපතා යාවත්කාලීන කෙරේ. කෙසේ නමුත් ඔවුන්ගේ සොයාගැනීම් සියල්ල ශීඝ්‍රයෙන් උණුසුම් වන ලෝකයක් ගැන ප්‍රබල අනතුරු ඇඟවීම් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...