රිෂාඩ්ගේ සහය සජිත්ට!

Date:

කොළඹ LNW:එළඹෙන ජනාධිපතිවරණයේදී රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ සහය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට තීරණය කර තිබේ.

මේ වන විටත් ඔවුන් සමඟි ජන බලවේගයේ පාර්ශවයක් ලෙස සිටින අතර අද (14) පස්වරුවේ එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය රැස්වී උක්ත තීන්දුවට පැමිණ තිබේ.

ජනාධිපතිවරණයේදී සහය දිය යුත්තේ කුමන අපේක්ෂකයාට ද යන්න පිළිබඳව සිය සංවිධායකයින් ඇතුළු පාක්ෂිකයින්ගෙන් කළ විමසිමේදීද බහුතර කැමැත්ත යොමුව ඇත්තේ සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා දෙසට බව මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරමින් රිෂාඩ් බදියුදීන් මහතා පවසන ලදී.

මීට සුළු මොහොතකට පෙර එම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.

කෙසේවෙතත් පසුගියදා ගොඩනගන ලද සමඟි ජන සන්ධානයට රිෂාඩ් බදියුදීන් මහතා සහභාගී නොවුණු අතර බදියුදීන් මහතා ප්‍රමුඛ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහය සම්බන්ධයෙන් ඒ මොහොතේ පැවතියේ බෙදුණු අදහසකි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...

ආර්ථිකයේ කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2026 වසරේ මුල් භාගයේදී මෙරට සංචාරක ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකා සංචාරක...

ට්‍රම්ප්ගේ ජාතිවාදී වීඩියෝව සහ දේශපාලන ආන්දෝලනය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු ජනාධිපති බරක් ඔබාමා සහ...