රිෂාඩ්ගේ සහය සජිත්ට!

Date:

කොළඹ LNW:එළඹෙන ජනාධිපතිවරණයේදී රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ සහය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට තීරණය කර තිබේ.

මේ වන විටත් ඔවුන් සමඟි ජන බලවේගයේ පාර්ශවයක් ලෙස සිටින අතර අද (14) පස්වරුවේ එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය රැස්වී උක්ත තීන්දුවට පැමිණ තිබේ.

ජනාධිපතිවරණයේදී සහය දිය යුත්තේ කුමන අපේක්ෂකයාට ද යන්න පිළිබඳව සිය සංවිධායකයින් ඇතුළු පාක්ෂිකයින්ගෙන් කළ විමසිමේදීද බහුතර කැමැත්ත යොමුව ඇත්තේ සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා දෙසට බව මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරමින් රිෂාඩ් බදියුදීන් මහතා පවසන ලදී.

මීට සුළු මොහොතකට පෙර එම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.

කෙසේවෙතත් පසුගියදා ගොඩනගන ලද සමඟි ජන සන්ධානයට රිෂාඩ් බදියුදීන් මහතා සහභාගී නොවුණු අතර බදියුදීන් මහතා ප්‍රමුඛ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහය සම්බන්ධයෙන් ඒ මොහොතේ පැවතියේ බෙදුණු අදහසකි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයිස් හදපු තවත් ස්ථානයක් හම්බන්තොටින් හමුවෙයි!

කොළඹ LNW: අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළැයි සැකකෙරෙන තවත් නිවසක්...

මරණයෙන් සතුටු වන්නේ වමයි, සටන් කරපියව්, නැතිනම් මැරියව්! – සංක්‍රමණිකයන්ට එරෙහිව කෝටිපති සංක්‍රමණිකයෙක් කියයි

මරණයෙන් සතුටු වන්නේ වමයි, සටන් කරපියව්, නැතිනම් මැරියව්! - සංක්‍රමණිකයන්ට එරෙහිව කෝටිපති සංක්‍රමණිකයෙක් කියයි

ඉන්දියාවේ වරාව් ග්ලෝබල් පදනම (Waraw Global Foundation) ශ්‍රී ලංකාවේ සේවයට පැමිණෙයි!

කොළඹ LNW:දුප්පතු සහ ආන්තිකකරණයට ලක්වූවන්ට අධිකරණමය යුක්තිය ලබා ගැනීමේ...