සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අගෝස්තු 15 වන දින අලස්කාවේදී පැවැත්වීමට නියමිත සාකච්ජා අතරතුර රුසියාව යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සටන් විරාමයකට එකඟ නොවන්නේ නම් ව්ලැඩිමීර් පුටින් ඉතා දරුණු ප්‍රතිවිපාක වලට මුහුණ දෙන බව එක්සත් ජනපද ජනාධිපතිවරයා ඊයේ(13)දිනයේදී ප්‍රකාශ කර තිබේ.
ජර්මනිය, එක්සත් රාජධානිය, ප්‍රංශය, ඉතාලිය, පෝලන්තය සහ ෆින්ලන්තය යන රටවල රාජ්‍ය නායකයින් සහ රජයේ නායකයින් මෙන්ම යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේයන් ද සමඟ පැවැත්වූ දුරකථන සාකච්ජාවන්ගෙන් අනතුරුව මේ බව ජනාධිපති ට්‍රම්ප් සදහන් කර තිබේ.
කෙසේ නමුත්, සටන් විරාමයකට යන්නේ නම් යුක්රේනයෙන් යම් භුමි කොටසක් රුසියාවට ලබා දීමට සිදුවන බව ජනාධිපති ට්‍රම්ප් මිට පෙර සඳහන් කර තිබු අතර යුක්රේන හමුදාව ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් හි භූමිය ස්වේච්ඡාවෙන් යටත් නොකරන බවට යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි තහවුරු කර ඇත. එනමුත් මේ සම්බන්ධයෙන් රුසියාව අවධාරනය කරන්නේ අවම වශයෙන් යුක්රේන කලාප හතරක් සාකච්ඡා මේසයේදී හෝ බලහත්කාරයෙන් රුසියානු බවට පත් වනු ඇති බවයි.