බන්ධනාගාරයෙන් ඇසෙන කතා..

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW:

රක්ෂිත බන්ධනාගාර ගත කළ බන්ධනාගාර රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින බවත්, එම බන්ධනාගාරයේ ‘එම් වන්’ වාට්ටුවේ තවත් රැඳවියන් 10 දෙනෙකු සමඟ ඔහු රඳවා සිටින බවත් බන්ධනාගාර ආරංචි වාර්තා වේ.

බන්ධනාගාර ආරංචි සඳහන් කළේ, පසුගිය දා රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා රඳවා සිටින්නේ ද එම වාට්ටුවේ බවත්, වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ඊයේ පස්වරුවේ රැගෙන ආ පසු ඔහු කොළඹින් පිටවෙනත් බන්ධනාගාරයක රැඳවීමට බන්ධනාගාර පරිපාලනය සූදානම්ව සිටි බවයි. ඒ ඔහුගේ ආරක්ෂාව සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ තදබදය සැලකිල්ලට ගනිමිනි.

බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ, තමන්ට වෙනත් බන්ධනාගාරයකට යාමට අවශ්‍ය නොවන බවත් සෙසු රැඳවියන්ට ලබා දෙන පහසුකම් සහ ආරක්ෂාව ප්‍රමාණවත් බවත් වෛද්‍ය හේමන්ත රණසිංහ බන්ධනාගාර නිලධාරීන්ට පවසා ඇති බවයි .

බන්ධනාගාර රෝහලේ රඳවාගෙන ප්‍රතිකාර කිරීමට රැඳවියෙකුගෙන් අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත, බන්ධනාගාර රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ දිනයේදීයි. අනතුරුව ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපාන අධිවේගී මාර්ගයක වාහන 50ක් එකිනෙක ගැටීමෙන් දෙදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 28: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: මධ්‍යම ජපානයේ...

වසර පහකට පසුව මියන්මාර හමුදා පාලනයෙන් පවත්වන මැතිවරණයත් මුලාවක්?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මියන්මාර හමුදා පාලනය විසින් 2021 වසරේ...

දේශපාලන අස්ථාවරත්වය අවසන් කිරීමේ උත්සාහයක් ලෙස කොසෝවෝහි හදිසි මැතිවරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරක දේශපාලන අස්ථාවරත්වය...

ඩග්ලස් දේවානන්දාට නිකුත් කළ ගිනි අවි 20 ක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින්...