ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්!

Date:

කොළඹ LNW:ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (14) පැවති විරෝධතාවක් හේතුවෙන් එම ස්ථානයේ තත්ත්වයක් හටගෙන තිබුණි.

ජන අරගල සන්ධානය විසින් එය සංවිධානය කර තිබුණු අතර වසර 50ක් තිස්සේ වගා කළ ගොවි ඉඩම් අක්කර 800ක් ගොවීන්ගෙන් බලහත්කාරයෙන් අත්පත් කර සමාගම් වලට පැවරීමට එරෙහිව විරෝධතාව පැවැත්විය.

ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික වසන්ත අරමුදලිගේ ඇතුළු පිරිසකගේ මෙහෙයවීමෙන් එම විරෝධතව පැවති අතර ඊට ත්‍රිකුණාමලයේ මුත්තු නගරයේ පිරිසක්ද එක්ව සිටියහ.

විරෝධතාව අතරතුර පොලීසිය මැදිහත්වීම හේතුවෙන් විරෝධත්කරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබුණි.

මේ වන විට ගොවි ජනතාව මුහුණ දී සිටින ඛේදජනක තත්ත්වය සම්බන්ධයෙන් සියලුම බලධාරීන් දැනුවත් කර තිබුණද නිසි විසඳුමක් නොලැබීම නිසා මෙලෙස ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට පැමිණීමට සිදුව ඇති බවයි වසන්ත මුදලිගේ මාධ්‍ය වෙත පැවසුවේ.

මීට සති දෙකකට පමණ පෙර ගොවියන් සිය දුක්ගැනවිල්ල ජනාධිපති ලේකම්වරයටද ලිඛිතව දැනුම් දී තිබුණද ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බව වසන්ත මුදලිගේ තවදුරටත් සඳහන් කළේය.

එම නිසා මෙම ජනතාවගේ ගැටළුවට කඩිනම් විසඳුමක් අවශ්‍ය බවද ඔහු අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි!

කොළඹ LNW:ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍යවරයෙක් වූ...

හිටපු RMV නියෝජ්‍ය කොමසාරිස්වරියක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මුදල් අමාත්‍යාංශයේ වෙළද...

මීළඟ උතුරු කොරියානු නායකත්වයේ උරුමය කිම් ජොන් උන් ගේ දියණියටද?

සටහන – පුලී පෙබරවාරි 13, LNW (කොළඹ):  උතුරු කොරියානු නායක...

වෙළඳ තීරුබදු අඩු කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ තායිවානය ‘තීරණාත්මක’ ගිවිසුමකට අත්සන් තබයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...