උත්තේජන භාවිතයම අවශ්‍යය නැහැ – පරීක්ෂණ මඟ හැරියත් දඬුවම් කළ හැකියි

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW:

පසුගිය දිනෙක තහනම් උත්තේජන පරීක්ෂණයක් මඟ හැර ගිය බවට ලාංකේය මලල ක්‍රීඩකයෙක් සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වුණා.එම චෝදනාව සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග ගැනනම් ප්‍රසිද්ධියක් සිඳු වුණේ නැහැ.එහිදී අදාළ තහනම් උත්තේජන පරික්ෂාව සඳහා නිවැරදි ක්‍රියාමාර්ග ගෙන නැති බවටත් කතාබහක් පැතිර ගියා.එ නිසා උත්තේජන පරීක්ෂණ සිඳු විය යුතුයි වගේම ඒවාට අදාළ පරීක්ෂණ සිඳු කරන අංශ ගත යුතු පියවර ද නොවරදවා ගත යුතු වෙනවා.


කෙසේ වුවත් එසේ නිසි පියවර හරහා තනම් උත්තේජන පරික්ෂාව සඳහා කරන උත්සාහයන්වලදී තහනම් උත්තේජන ගෙන ඇති බවට ඔප්පුවීමෙන් පමණක් නොව තහනම් උත්තේජන පරික්ෂාව මඟ හැර යාම සම්බන්ධයෙන් ද ක්‍රීඩා තහනමක් පැනවිය හැකි බවට උදහරණයක් ඇමෙරිකාවෙන් ලැබී තිබෙනවා.


වසරක් නැතිනම් මාස 12 ක් තුළ තහනම් උත්තේජන පරීක්ෂණවලට පෙනී සිටීම මඟ හැරීම නිසා ෆ්‍රෙඩ් කර්ලිට වසර දෙකක තරග තහනමක් පනවන්නට මලල ක්‍රීඩා අඛණ්ඩතා ඒකකය (Athletics Integrity Unit) තීරණය කර තිබෙනවා.ඔලිම්පික් රිදී සහ ලෝකඩ පදක්කමකට මීටර් 100 වෙනුවෙන් හිමිකම් කියන එම ඉසව්වට එම ඉසව්වේ සහය දිවීම සඳහා ලෝක මලල ක්‍රීඩා සූරතා රන් පදක්කම් තුනකටම හිමිකම් කියනවා.ඒ අතරින් ෆ්‍රෙඩ් 2022 දී ඉයුජින් ලෝක සූරතාවලියේදී මීටර් 100 රන් පදක්කම දිනා ගන්නා අතර 2019 ලෝක සූරතාවලියේදී සහ 2023 සූරතාවලියේදී ඔහු රන් පදක්කම දිනා ගත් ඇමෙරිකානු කණ්ඩායමේ සාමාජිකයෙකුද වුණා.


එවැනි ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයෙකුට වුව තහනම් උත්තේජන පරික්ෂාව මඟ හැර යාමට අවස්ථාවක් නැති බව මෙම දඬවමෙන් පැහැදිළි වන අතර එසේම මෙම තහනමට පෙර ෆ්‍රෙඩ් පරීක්ෂණ මග හැර ගිය බවට තොරතුරු සනාත කර ගැනීමට පරීක්ෂණ කණ්ඩායම් ක්‍රියා කළ ආකාරය කවරේද යන්නත් ශ්‍රී ලංකාවේ තහනම් උත්තේජන පරික්ෂාවට පැමිණෙන කණ්ඩායම් අධ්‍යයනය කළ යුතුව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටොයෝටා බලාපොරොත්තු බොඳ වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: තායිලන්තයේ පැවත්වෙන ටොයෝටා ජාත්‍යන්තර අභියෝගතා...

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්!

කොළඹ LNW:ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (14) පැවති විරෝධතාවක්...

පාළුයි කන්ඩලමම නුඹ නැතිව…

සය මසක් දුක් වින්ද..හැඩකාරයෝ නුඹ... හෙලූ දුක් කදුළු වේදනා අපමණ...දන්නෙ...

ඩොලර් මිලියන ගණනක ආධාර සැපයුම් අවහිරයි:ආධාර කණ්ඩායම් 100කට අධික සංඛ්‍යාවකගෙන් ඊශ්‍රායලයට චෝදනා!

රෂිකා හෙන්නායක අගෝස්තු 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ සාගතය...