එක්සත් ජනපද ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් හිටපු ජනාධිපති ජෝ බයිඩන්ගේ පුත්‍රයාට එරෙහිව ඩොලර් බිලියන 1ක නඩුවක් ගොනු කිරීමට සැරසේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

අගෝස්තු 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිංගික අපරාධකරුවෙකු වන ජෙෆ්රි එප්ස්ටයින් විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත මෙලනියා ට්‍රම්ප් හඳුන්වා දුන් බවට කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් හිටපු ජනාධිපති ජෝ බයිඩන්ගේ පුත්‍රයා වන හන්ටර් බයිඩන්ට එරෙහිව ඩොලර් බිලියන 1ක නඩුවක් ගොනු කිරීමට සුදානම් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම මස මුලදී හන්ටර් බයිඩන් විසින් ඇන්ඩෲ කැලගන් සමඟ කරන ලද පුළුල් සම්මුඛ සාකච්ඡාවකදී මේ බව සඳහන් කර තිබිණ.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන්55 හැවිරිදි ජනාධිපති ආර්යාව වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් මෙම ප්‍රකාශය අසත්‍ය, අවමන් සහගත, අපහාසාත්මක සහ ගිනි අවුලුවන ප්‍රකාශයක් ලෙස හෙලා දැක ඇති අතර ඔවුන් හන්ටර් බයිඩන්ගේ නීතිඥවරයන් අමතමින් ලිපියක් යවා ඇත.

එහි වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ හන්ටර් බයිඩන් විසින් මෙම අසත්‍ය ප්‍රකාශ ඉල්ලා අස්කරගෙන සමාව අයැදිය යුතු බවත්, එසේ නොමැතිනම් ඩොලර් බිලියන 1 කට අධික වන්දි සඳහා නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සුදානම් වන ලෙසත්ය.

එප්ස්ටයින් යනු අපකීර්තියට පත් මූල්‍යකරුවෙකු සහ ලිංගික අපරාධකරුවෙකු වන අතර ඔහුගේ අපරාධ නඩුව දිගු කලක් තිස්සේ සැලකිය යුතු මහජන අවධානයක් දිනාගෙන ඇත. එයට හේතුව ඔහුගේ මරණය සැක සහිත වීම හා ධනවත් හා ඉහළ පෙළේ පුද්ගලයින් සමඟ ඔහුගේ සබඳතා ය.

ජනාධිපති ට්‍රම්ප් 2024 සිය මැතිවරණ ව්‍යාපාරය අතරතුර රජයේ අතිරේක ලිපිගොනු නිකුත් කිරීම පිළිබඳව සලකා බලන බව ප්‍රකශ කළ අතර පසුගියදා ජනාධිපති ට්‍රම්ප් සමඟ බහින්බස් වූ එලෝන් මස්ක් සඳහන් කර තිබුණේ, ජනාධිපති ට්‍රම්ප් එප්ස්ටයින් ලිපිගොනු හිතාමතා සඟවන් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලාංකික ව්‍යාපාරික නායකයින්ට කාම්බෝජයේ ව්‍යාපාරික අව්ස්ථා පිරීක්සීමේ අවස්ථාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : ශ්‍රී ලාංකික ව්‍යාපාරික...

යාපනය – පලාලි ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම් නිදහස් කිරීම පිළිබද විශේෂ සාකච්ජාවක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : ආරක්ෂක අංශයේ ඇතුළු...

PTA අහෝසි කිරීමේ වාර්තාව අධිකරණ ඇමති අතට!

කොළඹ LNW:ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම...

එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද විමසීම අද (13)..

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු රජයේ කටයුතු...