සර්ව පාක්ෂික ආණ්ඩුවක් බැරි නම් කැමති පක්ෂ එක්ක ආණ්ඩුවක් හදනවා – විජේදාස

Date:

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට යම්කිසි දේශපාලන පක්ෂයක් විරුද්ධ වන්නේ නම් සහාය දීමට කැමති පක්ෂ සමග එක්ව ආණ්ඩුවක් පිහිටුවන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

“යම්කිසි දේශපාලන පක්ෂයක් සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන එකට විරෝධය පෑවොත් අපට විකල්පයක් නෑ, සම්බන්ධ වෙන්න කැමති දේශපාලන පක්ෂ එක්ක එකතුවෙලා අපි ආණ්ඩුවක් හදනවා. ඒක සර්ව පාක්ෂික නොවෙන්නත් පුළුවන්, හැබැයි වැඩි පක්ෂ ගණනාවක සහයෝගය ලබාගැනීමට උත්සාහ කරනවා”

එසේම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

විජේදාස රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (13) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...