*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

අස්ථාවර දේශපාලනය නිසා රට අද ගොදුරු බිමක් වෙලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

අද වන විට රට තුළ පවත්නා ස්ථාවරත්වයත්, බංකොලොත් බවත් හේතු කොටගෙන බලවත් රටවල ගොදුරු බිමක් බවට ලංකාව පත් ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ හරහා ජාතික ආරක්ෂාව පවා අර්බුදයකට ලක්ව ඇතැයි කී විපක්ෂ නායකවරයා රාජපක්ෂලා විසින් මේ රටේ කොඳු නාරටිය කඩා දැමූ බවත් සඳහන් කළේය.

2019 ජනාධිපතිවරණයේදී “සමගි මාවත” වෙනුවට “වැරදි මාවත” තෝරා ගැනීමේ ඛේදවාචකයට අද රට මුහුණ දී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා මේ රට ගොඩනැගීමේ හැකියාව ඇත්තේ සමගි ජන බලවේගයට බව ද අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ ඊයේ (13) හෝමාගම ආසනයේ පක්ෂ ක්‍රියාකාරීන්ගේ රැස්වීමක් අමතමිනි. හෝමාගම ආසනයේ සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා විසින් එය සංවිධානය කොට තිබුණි.

වර්තමාන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වීම ව්‍යවස්ථානුකූලව නිවැරදි වුවත්, පිළිගැනීම අතින් සහ ජනමතය අතින් එය සහමුලින්ම විකෘතියක් බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අතීතයට වඩා වර්තමානය සහමුලින්ම වෙනස් බව පැවසූ විපක්ෂ නායකවරයා එදා බොහෝ විට දේශපාලන තීන්දු තීරණ ගැනීමේදී ප්‍රමුඛතාවය හිමි වුණේ වැඩිහිටියන්ට වුවත් අද වන විට තරුණ පරපුර නිවස තුළ පවා එය හිමි කරගෙන ඇතැයි ද පෙන්වා දුන්නේය. මැතිවරණයකදී තීන්දු තීරණ ගැනීම පිළිබඳ නිවස තුල බලපෑම් කරනු ලබන්නේ තරුණ ප්‍රජාවගේ සිතුම් පැතුම් මගින් බව පැවසූ විපක්ෂ නායකවරයා ඔවුන්ගේ සිතුම් පැතුම් අවබෝධ කොට ගැනීම පාලකයින්ගේ වගකීමක් බවද පැවසීය.

තමන්ගේ අත්වල ලේ තැවරී නැති බවත්, තමන්ගෙ පොත් වල බැංකු කැඩූ සල්ලි නැති බවත්, තමන් තුළ කුහකකම නැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා, කණ්ඩායමක් ලෙස එකට එක්වී රට ගොඩ නඟන අභියෝගය භාරගන්නා බව ද ප්‍රකාශ කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan