අනාගත බලය අනුරටද, ෆොන්සේකාටද, කුමාර්ටද, නැත්නම් දිගටම රනිල්ද ?

Date:

බඩුමිල එකට එකකින් දිනපතා ඉහල යමින් සහ සති ගනන් ඉන්දන නැතිවෙමින් ආලෝකයේ වේගයෙන් පතුලක් නොපෙනෙන අගාදයකට ඇදවැටෙමින් පැවතුන ආර්ථිකයට තාවකාලිකව බ්‍රේක් පාරක් ගසා මදකට කඩාවැටීමේ වේගය අඩු කොට ඇත…

තමතමන් ඉදිරියේ දෘෂ්‍යමාන වෙමින් පැවතුන සාගත දුර්භික්ෂයට බියෙන් තැතිගෙන සිටි මාස් මැජොරටි එක ස්වකීය දෑස් රවටාගනිමින් අර්බූදයෙන් රට එතෙර වන සිහිනය දකිමින් සිටී…

ලෝක ඉතිහාසයේ මෙවන් බංකොලොත් බාවයන්ට ඇද වැටුන රටවල්වල ඉතිහාස කතාව දෙස අපි විමසිලිමත්ව බැළුවහොත් පෙනී යන සත්‍යයනම් මෙවන් ක්‍රයිසීස් එකක් අතරමග හැරවීමේ හැකියාව ඉතාම අඩුබවය..

විශේෂයෙන් ලංකාව වගේ දැවැන්ත සුබසාධනයක් නඩත්තු කරන රාජ්‍යයක තත්වයය වඩාත් අසීරුය..

මෙහිදී ස.ජ.බ. හෝ. ජ.වි.පෙ. රනිල්ගේ සර්වපාක්ෂික සාකච්චාවකට හෝ සර්වපාක්ෂික ආන්ඩුවකට නොයෑමට ප්‍රධාන හේතුවත් මෙයමය…

මන්ද රනිල් අසාර්ථක උවහොත් එහිදී ඒවෙනුවෙන් ලැබෙන දැවැන්ත මහජන අපකීර්තියෙන් කොටසක් ස.ජ.බෙ. ට හා ජ.වි.පෙ.ටද ලැබෙන නිසාය…


නමුත් මෙය තවත් පැති කීපයකින්ම භයානක සූදුවක්ද වන්නේය..

මන්ද මොනයම් හෝ විශේෂ ලෝක තත්වයක් තුල රනිල් සාර්ථක උවහොත් ස.ජ.බෙ.ට හා ජ.වි.පෙ.ට සර්වපාක්ෂික හවුලකට නොයෑම සම්බන්දව ලැබීමට නියමිත මහජන අපවාදය ද සුළුපටු නොවනු ඇත…

එසේම මෙහිදී බොහෝ අයට නොපෙනෙන අනිත් කාරනාව නම් රනිල්ගේ අසමත්වීම එලියට ප්‍රදර්ශනය කෙරෙනු ලබන්නේ සමස්ථ පාර්ලිමේන්තු පද්ධතිය තුලම ඇති අසාතකත්වයක් ලෙසින්ය..

එහි ප්‍රතිඵලය අළුත් වටයකින් ඇරඹෙන අති ප්‍රබල ප්‍රචන්ඩ සහ වියරු දියවන්නා විරෝධයකි..

එවන් වටපිටාවක් තුල රනිල් පමනක් නොව සජිත්ටවත්, අවම වශයෙන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී සන්ධර්බයක් තුල දේශපාලනයේ නියුතු ජ.වි.පෙටවත් අවස්තාවක් ලැබෙන්නෙ නැත..

ඉක්බිති බලයේ අවකාශය පුරවනු ලබන්නේ එක්කො ෆොන්සේකා වර්ගයේ මිල්ටරි ජුන්ටාවකිනි, නැත්නම් කුමාර් ගුණරත්ම්නගේ රතු ජුන්ටාවකිනි..

  • ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...