ඇරිසෝනාහිදි අඩි 100ක ප්‍රපාතයකට දරුවකු ඇද වැටෙයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  දෛනිකව විශාල පිරිසක් පැමිණෙන අමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ පිහිටි ග්‍රෑන්ඩ් කැනියොන් ජාතික උද්‍යානය නිර්මාණය වී ඇත්තේ අති විශාල අගාධ සහිත ගල් පන්තිවලිනි.

මේ අතර එම ස්ථානය නැරඹීමට ගිය වයත් කොෆ්මන් නමැති 13 හැවිරිදි කුඩා දරුවෙකු එහි අඩි 100ක් පමණ ප්‍රපාතයට ලිස්සා ඇද වැටී තිබේ.

ඔහු වෙනත් පිරිසක්  ඡායාරූප ගනිමින් සිටියදී ඔවුන්ට ඉඩදීමට උත්සාහ කිරීමේදී පහළට ලිස්සා ගොස් වැටුණු බවයි Wyatt Kauffman නැමැති මෙම දරුවා ප්‍රාදේශීය රූපවාහිනී ආයතනයකට පවසා තිබෙන්නේ.
 
කෙසේ වෙතත් පැය දෙකක් වැනි කාලයකදී මෙම දරුවා බේරාගැනීමට එහි පැමිණි මුදවා ගැනීමේ කණ්ඩාම් සමත් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුව ඔහුව හෙළිකොප්ටර් යානාවකින් රෝහලට ගෙනගොස් ඇති අතර මේ වනවිට ඔහු සුවය ලබා ඇති බව වාර්තා විය.

තමන්ට සිදු වූ දේ සම්බන්ධයෙන් මතකයක් නොමැති බවත් ගිලන් රථයක යන අවස්ථාව ගැන මතක බවත් ඔහු පවසා ඇති අතර, බරපතල තුවාල සහිතව ඔහුව රෝහලට ගෙන ගොස් ඇති අතර කශේරුකාව කොටස් නවයකට පමණ කැඩී ඇති බවත් ,අතකට සහ පෙනහළුවලට දැඩි ලෙස හානි වී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා.

Wyatt Kauffman ඔහුගේ පවුලේ අනෙකුත් සාමාජිකයන් සමග ග්‍රෑන්ඩ් කැනියන් හි සංචාරයක යෙදී සිටියදි මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...