*
Tuesday, October 8, 2024
spot_img

Latest Posts

වසන්ත දත් කබීර් නොදත් කබීර්ගේ පුතා කවුද ? අක්කර 12 කාගේද ??

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාට ආණ්ඩුවත් සමග ඩීල් එකක් ඇති බවටත් ආණ්ඩුවට එකතු වීම සඳහා ඔහු තම පුත්‍රයාගේ නමට හන්තාන ප්‍රදේශයෙන් වටිනා ඉඩම් අක්කර 12ක් ලබාගෙන ඇති බවටත් ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා පසුගිය දිනක චෝදනා කර තිබිණි.

මීට පිළිතුරු දීම සඳහා පසුගිය 12 වනදා මාධ්‍ය හමුවක් පැවැත්වූ කබීර් හෂීම් මහතා පැවසුවේ වසන්ත සමරසිංහ මහතා පදනම් විරහිත විකෘති චෝදනාවක් එල්ල කර ඇති බවත් එම චෝදනාව තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ය. විශේෂයෙන්ම තමන්ට පුත්‍රයකු නොමැති බවත් තමන්ට සිටින්නේ දූවරුන් දෙදෙනෙකු බවත් පැවසු හෂීම් මහතා වසන්ත සමරසිංහ ඒ ගැනවත් සොයා නොබලා මෙසේ අභූත චෝදනාවක් කර ඇති බවයි සඳහන් කළේ.

තම පරම්පරාවට විශාල ඉඩම් ප්‍රමාණයක් හිමිව තිබුණු අතර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලන සමයේ ඉඩම් අයිතිය සීමා කරමින් බොහෝ ඉඩම් රජයට පවරාගත් බවත් එහිදී තමන්ට, කෑගල්ල අඹන්පිටිය වත්තෙන් අක්කර 39ක් නීත්‍යානුකූලව හිමිවූ අතර එම ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා තම පියා 1980 වසරේ සිට ජනතා වතු සංවර්ධන මණ්ඩලය සමග ලිපි ගනුදෙනු කර ඇති බවත් කබීර් හෂීම් මහතා සඳහන් කළේය. ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ මෙම ඉඩමේ අයිතිය කබීර් හෂීම් සතු බව 1983 වසරේදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව තහවුරු කර ඇති නමුත් තමන්ට එම ඉඩමෙන් අක්කර 27ක් පමණක් 2014 වසරේදී නිදහස් කෙරුණු බවත් ඉතිරි අක්කර 12 වෙනත් ප්‍රදේශයකින් සොයාගන්නා ලෙස කෙරුණු දැනුම් දීමක් අනුව අවසානයේ හන්තාන ප්‍රදේශයේ මුඩු ඉඩමකින් අක්කර 12ක් ඉල්ලා සිටි අතර 2024 වසරේදී ඊට අනුමැතිය ලැබුණු බවත් ය.

මීට අදාළ ලිපි ලේඛන සියල්ල මාධ්‍ය වෙත පෙන්වූ කබීර් හෂීම් මහතා වසර 30ක් තිස්සේ තමන් ප්‍රතිපත්ති පාවා නොදුන් අතර 2001 වසරේ සහ යහපාලන ආණ්ඩු සමයේ ඇමතිවරයකුව සිටියදී තම බලතල භාවිතා කරන මෙම ඉඩම නිදහස් කරගැනීමට උත්සාහ නොකළ බවත් ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණ නම් වරෙක චන්ද්‍රිකා බණ්ඩාරනායක සමගත් වරෙක මහින්ද රාජපක්ෂ සමගත් ඩීල් දැමූ බව සිහිපත් කළ හෂීම් මහතා මේ වනවිට සජිත් ප්‍රේමදාස මහතාට ඇති ජනතා රැල්ලට බිය වී ජනතා විමුක්ති පෙරමුණ දැන් සමගි ජන බලවේගයට මඩ ගැසීමට පටන් ගෙන ඇති බවත් පැවසීය.

එසේම තම පවුල විසින් ආගමික ස්ථාන, සමූපකාර, සුසාන භූමි යනාදී වශයෙන් ප්‍රජා කටයුතු සඳහා ඉඩම් රැසක් පරිත්‍යාග කර ඇති බවත් කබීර් හෂීම් මහතා ඔප්පු පෙන්වා දෙමින් ප්‍රකාශ කළේය.

මෙම චෝදනාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ඉඩම් ප්‍රතිංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා විසින් ද ජාතික ජන බලවේගයේ ලේකම්වරයාට ලිපියක් යොමු කර ඇති අතර කබීර් හෂීම් මහතා ඉදිරිපත් කළ කරුණු සත්‍යය බව එයින්ද තහවුරු වේ.

සියයට හැටක හැත්තෑවක ඡන්ද ප්‍රතිශතයක් තමන්ට ලබාගත හැකි බවටත් ජාතික ජන බලවේගය ඓතිහාසික ජයග්‍රහණයක් ලබන බවටත් පාරම්බාමින් සිටියත් මේ වනවිට භූමියේ පවතින තත්වය අනුව වසන්ත සමරසිංහ ඇතුළු ජාජබ නායකයින් කැළඹීමට පත්ව ඇති බවත් වටපිට කරුණු කිසිවක්ම නොසොයා නැති පුතුන් පවා පෙන්වමින් අතට හසුවන ඕනෑම දෙයකින් දමා ගසන තැනකට ඔවුන් ඇද වැටී බවත් මේ සිද්ධියෙන් පෙන්නුම් කෙරේ. ජයග්‍රහණය ගැන විශ්වාසයක් ඇත්නම් හතර අතේ මඩ ගසමින් දඟළන්නේ කුමටද ?

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan