ජනාධිපතිවරණයට නාමයෝජනා භාරගැනීම අදයි. වැඩේ කෙරෙන්නේ මෙහෙමයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති අපේක්ෂකයින්ගේ නාමයෝජනා භාරගැනීම අද (14) පෙරවරු 09.00 සිට 11.00 දක්වා රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා ශ්‍රවණාගාරයේදී සිදුකෙරේ.

එම නාමයෝජනාවලට විරෝධතා දැක්වීමට අද පෙරවරු 09.00 සිට 11.30 දක්වා කාලය ලබාදී ඇති අතර එසේ ලිඛිතව විරෝධතා දැක්විය හැක්කේ ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයකුට හෝ ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයකුගේ නාමයෝජනා පත්‍රය අත්සන් තැබූ පුද්ගලයකුට පමණි.

විරෝධතා සලකා බැලීමෙන් අනතුරුව අනුමත කෙරෙන අපේක්ෂකයින්ගේ නම් ප්‍රකාශයට පත්කෙරෙනු ඇති අතර ස්වාධීන අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වන අයට තම ඡන්ද සලකුණ තෝරාගැනීමේ අවස්ථාව ලබාදෙනු ඇත.

මෙම අවස්ථාවට සහභාගී වීමට හැකි අය සහ ඔවුන් රැඳී සිටිය යුතු ස්ථාන දැනුම් දෙමින් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති නිවේදනය පහතින් දැක්වේ.

එමෙන්ම ඒ ඒ ප්‍රධාන පක්ෂවල නියෝජිතයින් රැඳී සිටිය යුතු ස්ථාන ද වෙන්කර දී ඇති බව සඳහන්.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් රැඳී සිටිය යුත්තේ, රාජගිරිය වැලිකඩ මංසන්ධිය කොටාපාර දෙසට තිබෙන කතොලික දේවස්ථානය ඉදිරිපිට ය.

ජාතික ජනබලවේගයේ නියෝජිතයන් පාර්ලිමේන්තු පාර දෙසට පිහිටා ඇති පොලිස් ස්ථානය ආසන්න ස්ථානයක රැඳී සිටිය යුතු ය.

සමගි ජනබලවේගයේ නියෝජිතයින් සරණ පාර සහ කොටා පාර අතර ඇති හතරමං හන්දියේ රැඳී සිටිය යුතු වේ.

එමෙන් ම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන පිරිස පාර්ලිමේන්තු පාර සහ සරණ පාර පිහිටා ඇති තුන්මං හන්දිය අසල රැඳී සිටිය යුතු බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ...

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...