ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය වශයෙන් මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ලෝක සෞඛ්‍ය සංවිධානය වේගයෙන් ව්‍යාප්තවන මන්කි පොක්ස් වෛරස් ආසාදනය හේතුවෙන් ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබේ.

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ආරම්භ වූ වෛරස් ආසාදනය අසල්වැසි රටවල් වන බුරුන්ඩි, කෙන්යාව, රුවන්ඩාව සහ උගන්ඩාව ඇතුළු අසල්වැසි රටවල් 13ක විශේෂයෙන්ම කුඩා දරුවන් අතර ව්‍යාප්ත වීමෙන් පසුව, ලෝක සෞඛ්‍ය සංවිධානය දෙවන වරටත් ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇත.

එහි අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus සඳහන් කර තිබුණේ මෙම පිපිරීම් නැවැත්වීමට සහ ජීවිත බේරා ගැනීමට සම්බන්ධීකරණ ජාත්‍යන්තර ප්‍රතිචාරයක් අත්‍යවශ්‍ය වන හෙයින් මෙම තීරණය ගනී ලැබූ බවයි.

ඒ අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානය ඩොලර් මිලියන 1.5 හදිසි අරමුදල් නිකුත් කර ඇති අතර ඉදිරි දිනවලදී තවත් නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.

කොංගෝවේ පැතිරීම ආරම්භ වූයේ ක්ලේඩ් I ලෙස හැඳින්වෙන වෛරසය මඟින් නව ප්‍රභේදයක් වන ක්ලේඩ් අයිබී නිර්මාණය වී ඇති අතර එය ලිංගික සම්බන්ධතා ඇතුළු සාමාන්‍ය සමීප සම්බන්ධතා හරහා වඩාත් පහසුවෙන් ව්‍යාප්ත වන බව පෙනේ. පිරිමින් අතර මෙය වඩාත් සීග්‍රයෙන් ව්‍යාප්තවන බව හඳුනාගෙන ඇති අතර රෝග පාලනය හා වැලැක්වීමේ අප්‍රිකා මධ්‍යස්ථානයට අනුව 2014 වසරේ මේ දක්වා රෝගීන් 17,000කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති අතර මරණ 517ක් දක්වා වාර්තා වී තිබේ එය පසුගිය වසරේ එම කාලය හා සසඳන විට සියයට 160ක වැඩිවීමක් වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පහළ මල්වතු ඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : පහළ මල්වතු ඔය...

තැපැල් දෙපාර්මේන්තුව සහ සෞදි තෑපෑල අතර අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : තැපැල් දෙපාර්මේන්තුව සහ...

“Love Is Here” එන්න අපි වාඩි වෙලා කතා කරමු!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):  සෙනෙහස මෙන්ම මතකය...

ලයින් කාමර වෙනුවට තනි නිවාස:පවුල් 24ක් වෙත නව නිවාස ලබාදෙයි

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ලයින් කාමර වෙනුවට...