*
Tuesday, October 8, 2024
spot_img

Latest Posts

අමනෝඥ පාලකයින් නිසා විනාශ වූ රට නිවැරදි මාවතකට ගැනීම අපේ අරමුණයි – අගලවත්ත රැලියේදී සජිත් කියයි (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

අද එන්න එන්නම ජනතාව තුළ අපේක්ෂාවක් ප්‍රාර්ථනයක් වර්ධනය වී ඇති බවත් සාමාන්‍ය ජනතාව ජයග්‍රහණය කරන යුගය අත ළඟය යන හැගීම ඇති බවත් සමගි ජනබලවෙිගය සහ සමගි ජන සන්ධානය ශක්තිමත් ජනතා කේන්ද්‍රීය ගමනක් ගියත් අනිකුත් දේශපාලන පක්ෂ කයිවාරු ගැසීම පමණක් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එසේම සමහර නායකයන් වසර 20-30 දේශපාලන පක්ෂයක නායකයා වශයෙන් සිට ඓතිහාසික දේශපාලන පක්ෂ විනාශ කර ස්වාධීන වුවත් සමගි ජන බලවේගයට එවැනි ගැටලු නොමැති බවත් වසර 4ක් පමණ වයසැති සමගි ජන බලවේගය අද මේ තැනට පැමිණ ඇත්තේ ජනතාව නිසා බවත් පැවසූ විපක්ෂ නායකවරයා පසුගිය දශක කිහිපයේ අමනෝඥ පාලකයන් ගත් වැරදි තීන්දු නිසා පරම්පරා කිහිපයකට හොද අනාගතයක් අහිමි වී තරුණ පරපුරේ සිහින නැති වී ඇති බවත් ඒ වැරදි නිවැරදි කිරීමේ බාරදුර අභියෝගය තමා සතු බවත් මේ රට නිවැරදි ගමනක යමින් මේ රටේ නායකයා ලෙස ලක්ෂ 220 ජනතාව වෙනුවෙන් කළ හැකි ඉහළම කැප කිරීමට තමා සූදානම් බවත් සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (14) මතුගම අගලවත්තේ පැවැති සමගි ජන බලවේග ජනපවුර වැඩසටහන හා එක්වෙමිනි.

සමගි ජන බලවේගය විපක්ෂයක් ලෙස පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත රට වෙනුවෙන් පොදු ජනයා වෙනුවෙන් දැවැන්ත හඩක් නැගු බවත් මෙරට ආර්ථිකය විනාශ කළ ආර්ථික ඝාතකයන් පවා අනාවරණය කළේ සමගි ජන බලවේගය බවත් ශ්‍රේෂ්ඨාධිකරණය මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ රාජපක්ෂවරු ප්‍රමුඛ කණ්ඩායමම අනාවරණය කළ බවත් මෙහි දී තමා කිසිදා ෆයිල් පෙන්වා බලයට ආවම හොරු අල්ලනවා කියන රගපෑම නොකළ බවත් ලක්ෂ 220 වෙනුවෙන් ඒ මූලික අයිතිවාසිකම් තීන්දුව ගත් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම වීසා මගඩිය ගැන රට දැනුවත් කර එය හෙළි ⁣කළේද සමගි ජන බලවේගය බව සිහිපත් කළ සජිත් ප්‍රේමදාස මහතා රටේ ලාභ ලබන ආයතන විකුණන අදූරදර්ශී ප්‍රතිපත්තිවලට විරුද්ධව හඩක් නගා ඒවා විකිණීම නවත්වා ගත්තේ සමගි ජන බලවේගය බවත් ජනාධිපතිවරණයක් ක්‍රියාත්මක වන අවස්ථාවේ වත්මන් ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරන ලාභ ලබන රාජ්‍ය සම්පත් හා දේපල විකුණන කුමන්ත්‍රණ හවුල්වන රාජ්‍ය සේවකයන්ට ද නීතිය හමුවේ දඩුවම් විදීමට සිදුවන බවත් අවධාරණය කළේය.

රාජ්‍ය දේපල හා සම්පත් අවභාවිතය මේ දිනවල ඉහළින්ම සිදුවන බවත් පසුගිය සති 2-3 සජිත් ප්‍රේමදාසගේ සක්වල හා හුස්ම වැඩසටහන තහනම් වුවත් රජයේ මුදල් වැය කර ජනාධිපතිවරයාට විවිධ විවෘත කිරීම් කිරීමට කිසිදු තහනමක් පනවා නොමැති බවත් මේ මැතිවරණ සමයේ මේ රාජ්‍ය දේපල අවභාවිත කළ අය ගැනත් ඉදිරියේදී සොයා බලන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ ලක්ෂ 220 ජනතාව දුක් විදින විට රටේ ආර්ථිකය විනාශ කළ ආර්ථික ඝාතකයන් සුවසේ සිටින බවත් අපේ රටේ නිහඩ බහුතරයට, හඬක් නොමැති ජනතාවට හඬක් වී ඔවුන් මේ දුකින් මුදවා ගන්නා බවත් ගම හදා නගරය හදන නගර හදා රට හදන වැඩපිළිවෙළක් තමාට ඇති බවත් මේවා බොරු පොරොන්දු නොව විපක්ෂයේ සිටම ඒවා තමා ක්‍රියාත්මක කර ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan