මේ පාර්ලිමේන්තුවේ 225න් 25 කටවත් ආයෙ එන්න ලැබෙන්නෙ නෑ. ජනතාව ඔවුන්ව එවන්නෙ නෑ !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගෙන් සාතිශය බහුතරයකට මීළඟ මැතිවරණයකදී ජනතා ඡන්දයෙන් තේරී පත්වීමට ඉඩක් නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

“අද මේ රටේ දේශපාලන පක්ෂ කියන ඒවා දියවෙලා ගිහිල්ලා ඉවරයි. දීර්ඝ කාලයක් තිබුණ රටේ ශක්තිමත්ම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය, අද ඒ පක්ෂයට අපේක්ෂකයකු ඉදිරිපත් කරගන්නවත් බැරි තත්වයට දුර්වල වෙලා ගිහිල්ලා තිබෙනවා. එජාප නායකයාට පවා අද පක්ෂයක් හොයාගන්න බැරිවෙලා තියෙනවා ඡන්දය ඉල්ලන්න. අනිත් පැත්තෙන් ගත්තාම පහුගිය මැතිවරණයේ ඡන්ද 69 ලක්ෂයක් ලබාගත් පොදුජන පෙරමුණ අපේක්ෂකයෙක් හොයාගන්න බැරිව මාස ගණනක් කටයුතු කරලා යන්තම් එක්කෙනෙක් හොයාගෙන තිබෙනවා. බොහොම පැහැදිලිව පෙනෙන්න තියෙන කාරණයක් තමයි ඔය වර්තමාන පාර්ලිමේන්තුවේ ඉන්න 225න් 25 දෙනෙකුවත් නැවත මන්ත්‍රීවරුන් විදියට තෝරලා පත්කරලා රටේ ජනතාව එවන්නෙ නෑ. ජාතික ජන බලවේගයට ගිය සැරේ 420,000 ක් තිබුණා. එතකොට ලක්ෂ 171ක් ඡන්ද දායකයො ඉන්න රටේ ලක්ෂ 4ක් තියෙන එක තමයි ඔය දකින්නෙ මහා බලවේගය කියලා. එතකොට අනිත් ඒවාට මොනවද කියන්නෙ ?”

විජේදාස රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීමෙන් අනතුරුව ඊයේ (14) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...