සමගි ජන බලවේගයේ තවත් ප්‍රභල බල කණුවක සහාය රනිල්ට!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ (LNW):

සමගි ජන බලවේග මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා මීට සුළු වේලාවකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එක්වූවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජනාධිපතිවරණයට නාම යෝජනා භාරදීමට පිටත්ව යාමට සුළු වේලාවකට පෙර ෆ්ලවර් රෝඩ් හි පිහිටි කාර්යාලයට පැමිණි මන්ත්‍රීවරයා තමන්ගේ සහාය ජනාධිපතිතුමාට ලබාදෙන බවට වන සුබ ආරංචිය ලබාදුන්නේය.

සමගි ජන බලවේගයේ වතුකරය නියෝජනය කරන ප්‍රභල මන්ත්‍රී වරයෙක් වන වේලු කුමාර් මහතා 2015 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයෙන් ජයගෙන පළමුවරට පාර්ලිමේන්තුවට පිවිසියේය.

2019 වසරේ පැවති මහ මැතිවරණයෙන්ද ජයගත් ඒ මහතා සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු වරම් හිමි කරගත්තේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ උතුර – දකුණ දෙකොණටම ජය

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 22, කොළඹ LNW: ශ්‍රී ලංකා...

රුමේෂ් රත්තරන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 22, කොළඹ LNW: කොරියාවේ Mokpo...

ආසියානු විසිකීරීම් සුරතාවලියේ කාන්තා හෙල්ල ඉසව්වේ රිදී පදක්කම නදීශාට

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 22, කොළඹ LNW:කොරියාවේ Mokpo හී...

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් රතු එළි!

රෂිකා හෙන්නායක අගෝස්තු 22, කොළඹ LNW : අද (22)...