ආපහු එන අයත් ඉන්නවා.එතනට යවලත් තියෙනවා – ජොන්ස්ටන්

Date:

කොළඹ LNW:රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට පොහොට්ටුවේ සිට ගිය ඇතැම් මන්ත්‍රීවරු යළි පැමිණෙමින් සිටින අතර එතනට යවපු කණ්ඩායමක්ද සිටින අතර පොහොට්ටුවේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

සිදුවන්නේ කුමක්ද යන්න බලා සිටිය යුතු වන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා කර තිබෙන ප්‍රකාශයට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා තවදුරටත් පවසන්නේ චන්ද්‍රසේන මහතා වැරදි වෙලාවේ වැරදි තැනට ගොස් සිටින අතර ඔහුගේ අපේක්ෂකයා අන්ත පරාජයක් ලබන බවයි.

යථාර්තය එය බවයි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ.

අනුර දිසානායක මහතාටද ජයග්‍රහණය කළ නොහැකි බවත් 2019දී ගෝඨාභය රාජපක්ෂ මහතාව පරාජය කළ හැකි එකම කෙනා යැයි කියමින් සජිත් ප්‍රේමදාස මහතාව රට වටේ ගෙන ගිය අතර ඔහු එජාපයත් කඩා සජබ හැදුවද පරාජයට පත් වූ බව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කියා සිටියි.

ඒ අනුව නාමල් රාජපක්ෂ මහතාට වැඩිම ජන්ද ටික රැගෙන දීමට කටයුතු කරන බවත් අනුරධපුරයෙන්ද ඉතිහාස ගතවෙන ජයග්‍රහණයක් ලබා ගන්නා බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බොරලැස්ගමුවේ වෙඩිතැබීමක්. තරුණයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේදී අද...

මර්දනයට ලෑස්ති වෙන්න එපා, අපේ ඉවසීමෙත් සීමාවක් තියෙනවා – නාමල් ආණ්ඩුවට කියයි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ටෙන්ඩර් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව එල්ල...

රනිල්ව සිරගත කිරීම : රජයේ කිසිදු මැදිහත් වීමක් හෝ පළිගැනීමක් නෑ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත...

GMOA දීපව්‍යාප්ත වැඩවර්ජනයකට දින නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ඉල්ලීම් 4ක් මුල්කර ගනිමින් 2025 අගෝස්තු...