*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

පොදුජනතාවට පරාර්ථකාමීව සේවාවක් කරන යුගයක් නියත වශයෙන්ම එනවා – සජිත්

කොළඹ LNW:පොදුජනතාවට පරාර්ථකාමීව සේවාවක් කරන යුගයක් නියත වශයෙන්ම සැප්තැම්බර් 21 ජනාධිපතිවරණයත් සමඟ ආරම්භ වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අපේ දේශය, ජන ජිවිත, ලක්ෂ 220ක් ජනතාව ගත කරන දුකින් මුදවා ගන්නා සැමට සෞභාග්‍ය ලැබෙන සැමට සංවර්ධනය උදා කරන නව යුගයක්, දූෂණය වංචාව හොරකම තුරන් කරන යුගයක් උද වනු ඇති බවයි ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ.

පොදුජනතාවගේ හයියෙන් ලක්ෂ 220ක් ජනතාව දිනවන ගමන සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය යන බවත් රට ගොඩගත හැකි උගත් බුද්ධිමත් කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේගයට හා සමගි ජන සන්ධානයට බවත් හෙතෙම කියා සිටියි.

ශ්‍රී ලංකාව ලොව අංක 1ට ගෙන ඒමේ ප්‍රතිපත්තිය තුළ සියලු දේ කැපකර පොදුජනතාව ජිවත් කරවන, රටේ නීතියට ගරු කරන, අහිමි වූ දේපල සම්පත හොරා කාපු මුදල් නැවත රටට ලබා ගන්නා පොදුජන යුගය බිහි කරන බවද ඔහු අවධාරණය කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ 2024 ජනාධිපතිවරණය සඳහා අද (15)නාමයෝජනා භාර දීමෙන් අනතුරුව පැමිණ සිටි පාක්ෂිකයන් අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan