ඇම්පිල් සුළි කුණාටුව හේතුවෙන් ජපානයේ ගුවන් ගමන් හා බුලට් දුම්රිය සේවා අවලංගු කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : බටහිර පැසිෆික් සාගරයේ සිට පැමිණෙන ඇම්පිල් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ජපානයේ දුම්රිය සහ ගුවන් සේවා අවලංගු කර ඇති බව වාර්තා වේ.

ජපානයේ ඒකාබද්ධ ටයිෆූන් අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයේ (JTWC) නවතම උපදේශනයට අනුව, අද(15) දිනයේ ටයිෆූන් ඇම්පිල් පැයට කිලෝමීටර 140 (පැයට සැතපුම් 85) ක සුළං වාර්තා කරමින් ජපානයට ඇතුළුවනු ඇතැයි බලාපොරොත්තු වේ.

සුළි කුණාටුව සමඟ ජපානයේ උතුරු සහ නැගෙනහිර සමහර ප්‍රදේශවල ප්‍රචණ්ඩ සුළං, රළු මුහුද, අධික වර්ෂාව, ගංවතුර, නායයෑම් සහ පිටාර ගැලීම් දැකිය හැකි වනු ඇති අතර සති අන්තය වන විට කුණාටුව පහව යනු ඇති බව විශ්වාස කෙරේ.

ජපානයේ මහජන විකාශක NHK නිවේදනය කර තිබුණේ, ප්‍රධාන ගුවන් සමාගම් දෙකක් වන ජපන් එයාර්ලයින්ස් සහ ඕල් නිපොන් එයාර්වේස්, අගනුවර හනෙඩා සහ නරිටා ගුවන් තොටුපළවල සම්පූර්ණ ගුවන් ගමන් 500 ක් පමණ අවලංගු කර ඇති බවත් බුලට් දුම්රියවාර රැසක් ද තාවකාලිකව අත්හිටුවා වති බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...